වයඹදිග පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ පිපිරීමක් සිදුව තිබේ.



ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ ඉන් 40 දෙනෙක් පමණ මියගොස් 200ක් පමණ තුවාල ලබා ඇති බවය.

ජමියට් උලමා-ඊ-ඉස්ලාම් (Jamiat Ulema-e-Islam -JUI-F) පක්ෂය සංවිධාන කළ රැස්වීමකදී බෝම්බ පිපිරීම සිදුව ඇත.

ප්‍රහාරයෙන් ප්‍රාදේශීය දේශපාලන නායකයෙකු වන, අන්වර් උල් හක් මියගොස් ඇතැයි වාර්තා වේ.

තුවාල ලැබූවන්ගෙන් පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව, එරට බලධාරීන් පෙන්වා දෙයි.

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්