නියගය නිසා වගා හානිවූ ගොවියන්ට සහනලබාදීමට තමන් වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් මැදිහත්වන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු

මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව පැවසුවේ හිරියාල ආසන බලමණ්ඩල රැස්වීමේදීය. මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද සඳහන් කළේය.

 

'' අපි ඕනෙම අවස්ථාවක ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. අපිට හැකි පමණින් මේ ආණ්ඩුවට තියෙන වරප්‍රසාද ටික ගම්වලට අරගෙන එනවා. පසුගිය කාලෙ අස්වැසුම ගැන ප්‍රශ්නයක් ආවා. අප මන්ත්‍රී කණ්ඩායම ඒ ප්‍රශ්නෙට මැදිහත් උනා. අද නැවත වතාවක් එය සමාලෝචනය කිරීමට  කටයුතු කරනවා. අපි බලාගෙන ඉන්නවා පක්ෂයක් විදිහට එය ඒ ආකාරයෙන් සිද්ධ වෙනවද නැද්ද කියන කාරණය.

 

වී මිලදී ගැනීම ආරම්භ වෙලා තිබුනත් ලැබෙන මිල ගැන සෑහීමකට පත්වෙන්න බෑ. මන්ත්‍රීවරු කණ්ඩායම් රැස්වීමේදී ඒ ගැනත් කතා කලා වී මිල ගැන. නියං තියෙන පලාත් තියෙනවා ඒ පළාත්වල වතුර ලබාදීම පිලිබදව ප්‍රශ්නයක් තියෙනවා එහෙමනම් වගා හානියක් වෙනවනම් නියගයක් නිසා ගොවියන්ට දෙන සාධාරණය මොකක්ද කියන එකට ආණ්ඩුවේ අවධානය යොමුකලයුතුයි. නියගය නිසා වගා හානිවෙන ගොවියන්ට ලබාදීමට හැකි සහන පිලිබදව අපි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කතා කරනවා. ඒ පිලිබදව අපි මැදිහත් වෙනවා කියන එකත් මතක් කරන්න කැමතියි.''

364130837 831384098357329 8497423365599854976 n364689512 831383988357340 1222833236246277312 n


JW


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්