දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල

එලෙසම පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාව තුළ නේවාසිකයන් අතර සිදුවන සියලු ගනුදෙනු සඳහා භාවිත කළ හැක්කේ ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල පමණක් බවත් මහ බැංකුව එම නිවේදනයෙන් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ඉන්දියාව ප්‍රධාන මුලාශ්‍ර රටක් වන බැවින් බැංකු ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීම ඉන්දියානු සංචාරකයින්ට වැඩි පහසුවක් බවත්, ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ඉන්දීය රුපියල වලංගු මුදල් ඒකකයක් බවට පත් නොවන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

1979 වසරේ මැයි මස සිට හදුනාගත් විදේශ ව්‍යාහාර මුදල් 16 ක් මේ වන විට නම් කර ඇති බවත් එම මුදල් එසේ නම් කිරීමෙම් ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර වෙළෙඳ සහ ආයෝජන සම්බන්ධතා පහසු කිරීම බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් පවසයි.

ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් රට තුළ සංසරණය වෙමින් තිබෙන වැරදි තොරතුරු පිළිබඳ දැනුවත් කිරීම සදඟා ශ්‍රී ලංකා මහ බැංකුව එම නිවේදනය නිකුත් කර තිබේ.

සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

CB 1CB 2

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්