ඔස්ට්‍රේලියාවේ Keysborough ප්‍රදේශයේ ශ්‍රී ලාංකික පවුලක් වෙසෙන නිවසකට පසුගිය සෙනසුරාදා

මැර ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර Keysborough ප්‍රදේශයේ ශ්‍රී ලාංකික පවුලක් වෙසෙන නිවසකට ඉකුත් සෙනසුරාදා උදෑසන 7 ට පමණ පැමිණි සිව් දෙනකු ප්‍රහාරයකට සැරසෙන ආකාරය CCTV  කැමරාවල සටහන්ව තිබුණි.

ඔවුන් කළු පැහැති ඇඳුමින් සැරසී තියුණු ආයුධ සහිතව පැමිණ සිටියේය.

කෙසේවෙතත් ප්‍රහාරයේ අවදානමට මුහුණ පෑ ශ්‍රි ලාංකිකයා ඔවුන්ට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ අයුරු ද CCTV  කැමරාවල පටිගතව තිබුණි.

පිරිස පලායාමට උත්සාහ කළ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයා මෝටර් රථයේ සහ සැකකරුවන්ගේ ඡායාරූප ලබාගැනීමට යුහුසුළු වුණේ අවදානමද නොතකමිනි.

ප්‍රහාරයට පැමිණි පුද්ගලයින්ගේ ප්‍රධාන අරමුණ වී තිබුණේ සිය මෝටර් රථය පැහැර ගැනීම විය හැකි බවට සිද්ධියට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයා එරට මාධ්‍ය වෙත පවසා තිබේ.

මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

(adaderana.lk) 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්