උතුරේ බෞද්ධ විහාරයක් ඉදි කිරීම සඳහා යුද හමුදාව දෙමළ ජනයාට අයත් ඉඩම් කොල්ල කා තිබෙන බවට

චෝදනා කරන දෙමළ ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් එම විහාරය ඉවත් කර සිය භූමිය නිදහස් කරන ලෙස බලකරමින් විරෝධතාවක් දියත් කර තිබේ.

 දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ හා සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයාගේ  නායකත්වය යටතේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ සහ ඊට පෙර දිනයේ මෙම විරෝධතාවය දියත් වු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

 සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම යෑම ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේදී සිදු වු බව සාසන ඉතිහාසයේ සදහන් වන අතර භික්ෂූන් වහන්සේ වස් වැසීම ආරම්භ කරන මෙම පො‍හෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දිනයක් ලෙස සැලකේ.

 කන්කසන්තුරේ වලිකාමම් උතුරේ තයියිට්ටි ප්‍රදේශයේ යුද හමුදාව විසින් අලුතින් ඉදි කර තිබෙන තිස්ස විහාරස්ථානය සමීපයේ මාර්ගය අයිනේ ජුලි 31 වැනිදා හවස් යාමයේ ආරම්භ කළ විරෝධය අගෝස්තු 1 වැනිදා හවස් වන තුරුම දියත් කිරීමට විරෝධතා කරුවන් කටයුතු කර ඇත.

{gallery}jaffna land 1{/gallery}

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් ප්‍රාදේශිය ඉඩම් බලධාරියාගේ අනුමැතියකින් තොරව යුද හමුදාව විසින් තිස්ස විහාරස්ථානය ඉදිකරතිබෙන බවයි.

 "කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" අප්‍රේල්  27 වැනි  දින සිදු කළ බව අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ සදහන් කර තිබුනි.

 “ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.

 ‘මිනී මරු හමුදාව අපිට එපා, සමුලඝාතනය කරපු හමුදාව අපිට එපා, නීති විරෝධි පන්සලට පොලීසියෙන් ආරක්ෂාව, මර්දන පොලීසිය අපිට එපා’ ආදී සටන් පාඨ කියමින් දෙමළ පිරිස විරෝධතාවය දියත් කර තිබුනි.

 විරෝධතාකරුවන් මාර්ගයේ මැදට පැමිණ විරෝධතා දක්වද්දී එයට බාධා කරමින් පොලීස් පරීක්ෂකවරයකු නියෝග කර තිබුනේ මාර්ගයෙන් ඉවත් වී විරෝධතා දියත් කරන ලෙසයි.

{gallery}Jaffna Land 2{/gallery}

"අපි පිකට් එකට විරුද්ධ නෑ. පාරෙන් අයින් වෙන්න." යනුවෙන් පොලිස් පරීක්ෂකවරයා නියෝග කිරීමෙන් පසු  ''පලාලි ඕඅයිසී අපිට එපා, ජාතිවාදී ඕඅයිසී අපිට එපා '' යනුවෙන් විරෝධතා කරුවෝ සටන් පාඨ හඬ නැගුහ.

 විරෝධතාවයේ නිරත ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 14 ට අයත් පරප්පු 100 කට (අක්කර 6.2) ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.

 විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියද හිමිව නොමැති බවටද උද්ඝෝෂණයේ යෙදී සිටින දෙමළ ජනයා කරුණු දක්වති.

 පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ  එම්.ඒ.සුමන්තිරන් මීට ඉහත දී සදහන් කර තිබුනේ තිස්ස විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් අනුමැතිය ලබා නොදීමට 2021 වසරේදී තෙලිප්පලෙයි ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේදී තිරණයක් ගත් බවයි.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්