නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩිතබා මරා දමන ලද දෙමළ මාධ්‍යවේදියෙකුගේ දහ සය වැනි අනුස්මරණය යාපනයේදී පවත්වා තිබේ.


යාපනය මාධ්‍ය සමාජයට පෙරේදා (අගෝස්තු 01) රැස්වූ උතුරේ මාධ්‍යවේදීන් ඇතුළු සෙසු පිරිස්  2007 අගෝස්තු 01 වැනිදා මරා දැමුණු  සහදේවන් නිලක්ෂන්ගේ සේයා රුවට මල් දම් පළඳවා පහන් දල්වා උපහාර දක්වා ඇත.


23 64c8f3bbadaa0
මරා දමන විට විසි දෙවැනි වියේ පසුවූ සහදේවන් නිලක්ෂන් මාධ්‍යවේදියා යාපන සරසවියේ මාධ්‍ය සමීක්ෂණ හා පුහුණු ආයතනයේ (MRTC) ජනමාධ්‍ය විෂය හැදෑරීමෙහි නිරතවෙමින් අර්ධ කාලීනව යාපනය දිස්ත්‍රික් ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පළකරන ලද ජනප්‍රිය ශිෂ්‍ය ප්‍රකාශනයක් වූ 'සංගම්' සඟරාවේ සංස්කාරක ද නිරත විය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ 2007 අගෝස්තු 01වැනිදා උදෑසන 5,30 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් විසින් යාපනයේ බටහිර කොකුවිල් හි දුම්රිය පොළ පාරේ පිහිටි නිලක්ෂන්ගේ නිවස ඉදිරිපිට දී වෙඩිතබා ඔහුව ඝාතනය කරන ලදී.

අපරාධකරුවන් විසින් බියවද්දා ගත් ඔහුගේ මිතුරකු ලවා නිවසින් පිටතට කැඳවා ගෙන නිලක්ෂාන්ගේ දෙමාපියන් ඉදිරියේම වෙඩි තබා තිබිණ.

 නිලක්ෂන් ඝාතනය ඇතුළු  මරා දැමුණු සෙසු උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් පිළිබඳව විධිමත් අපක්‍ෂපාති පරීක්ෂණයක් මෙතෙක් සිදු කිරීමට බලයට පත් කිසිදු ආණ්ඩුවක් කටයුතු කර නොමැත.

ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනමාධ්‍යවේදියෝ [JDS] සංවිධානය ප්‍රකාශයට පත්කොට ඇති, පසුගිය දශකය තුල මරා දැමුණු ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන්ගේ 44 කගේ ලැයිස්තුවට අයත් බහුතරය උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරනු ලැබූ දෙමළ මාධ්‍යවේදීන්ය.

යහපාලන සමයේ පළමු මානව හිමිකම් දින සමරුවේදී ඒ ලැයිස්තුව ලබාගත් එවකට අගමැති, වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට උනන්දු වූ බවක් වාර්තා වී නොමැත.

2004-2010 මෙතෙක් යුක්තිය ඉටු නොවූ නිලක්ෂන් ඇතුළු අයියතුරෛ නඩේසන්, එල්.එම්.ෆලීල් [නට්පිට්ටිමුනෛ ෆලීල්], සුබ්‍රමනියම් සුගීර්දරාජන්, සින්නතම්බි සිවමහරාජා, සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්, චන්ද්‍රබෝස් සුදාහර්, සෙල්වරාසා රජීවර්මන්, ඉසෛවිළි චෙම්පියන් [සුභාජිනී], පරනිරූපසින්හම් තේවකුමාර්,රාසයියා ජයෙන්තිරන්, පුන්නියමූර්ති සත්‍තියමූර්ති, මහලිංගම් මහේස්වරන්, මාරියප්පු අන්තෝනිකුමාර්, ශෝභනා ධර්මරාජා (ඉසෛප්‍රියා), තිරුකුලසිංහම් තවබාලන් ආදී දෙමළ මාධවේදී, වේදිනියන්ගේ ඝාතන JDS ලැයිස්තුවේ සඳහන්වේ.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්