අරගලයේ දී ජනතාව පැවසූ ආකාරයට රටේ ක්‍රම වෙනසක් කිරීමට අදාලව එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවත් වෙනස් කිරීමට නියමිත බව එම පක්ෂයේ

මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

රටේ අවශ්‍ය ක්‍රමයේ වෙනසට ගැලපෙන ලෙස එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (02) තීරණය කළ බවද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ 'සිරිකොත' එජාප මූලස්ථානයේ දී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය.

එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සම්මේලනය පැවැත්වීම පිළිබඳව සහ සහ පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීන්දු කර ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් මෙම සැප්තැම්බර් 10 වැනිදා පක්ෂ සම්මේලනය පැවැත්වීමට ද තීන්දු කර තිබේ.

 

සමගි ජන බලවේගයට එක්වීම නිසා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කෙරුණු මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරුන් නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟත්වය පළ කර තිබේ.

 

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට අමතරව විධායක සභාව ශක්තිමත් කිරීමටත්, විධායක සභාව තීන්දු තීරණ ගන්නා තැනක් බවට පත් කිරීමටත්, දේශපාලන කටයුතු සිදු කිරීම වෙනුවෙන් වෙනම කමිටුවක් නිර්මාණය කිරීමට සහ මාර්ගගත ක්‍රමවේදයට අනුකූලව පක්ෂය සංවිධානය කිරීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහඋපදෙස් දී තිබුනේ බල මණ්ඩල 75 ක් පැවැත්වීමට නමුත් මේ වන විට බල මණ්ඩල රැස්වීම් 132 ක් පවත්වා තිබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බල මණ්ඩල සංවිධානය කළ සියළු දෙනාටම ස්තූති කළ බවද එජාප මහලේකම්වරයා කීය.


 

 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්