ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ජාතික ගීය විකෘති කලායැයි චොදනා කරමින්, ඇතැම් මාධ්‍ය විසින් ගෙනයන ප්‍රචාරක මෙහෙයුම පිටුපස,

රටේ නොසන්සුන්තාවයක් ඇති කර යලිත් වරක් ජාතිවාදී කෝලාහලයක් ඇතිකිරීමේ උවමනාවක් ඇත්දැයි සොයා බලන ලෙස ඉල්ලමින් ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකන් දෙදෙනෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (03)  පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම ඉල්ලීම කර ඇත්තේ, මෙරට ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන නීතිඥ සේනක පෙරේරා සහ ප්‍රසංග ප්‍රනාන්දු විසිනි.

 

ජාතික ගීය විකෘති කර ගායනා කලායැයි චොදනා කරමින් උමාරා සිංහවංශ ගායන ශිල්පිනිය මූලික කරගෙන ප්‍රධාන දහරාවේ මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය තුල ජාතිවාදය වපුරා රටේ නොසන්සුන්තාවක් ඇතිකිරීමට විවිද පාර්ශවයන් බලාපොරොත්තුවන බවත්, එහෙයින් කුමනහෝ කන්ඩායමකට යලිත් වරක් ජාතිවාදය ඇවිස්සීමට උවමනාවක් ඇත්දැයි සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුවට වගකීමක් ඇති බවත් මානව හිමිකම් ක්‍රියාකාරික ප්‍රසංග ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර ඇති ලිඛිත පැමිණිල්ල මගින් අවධාරණය කර සිටියි.

 එම පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ.

'' ශ්‍රි ලංකාවේ පැවැත්වෙන '2023 ලංකා ප්‍රිමියර් ලීග්' තරඟාවලියේ සමාරම්භක උත්සවය පසුගිය ජුලි මස 30 වන දින කොළඔදී ආරම්භ වූ අතර එහිදී මෙරට සිටින ජනප්‍රිය ගායාකාවක් වන උමාරා සිංහවංශ ඔපෙරා ශෛලියෙන් ශ්‍රි ලංකාවේ ජාතික ගීය ගායනා කළාය. එම ඉදිරිපත් කිරීමේදී ජාතික ගීය විකෘතියක් සිදුවූවායැයි පවසමින් විවිද පාර්ශවයන් චොදනා කරමින් සිටින අතර එම ප්‍රකාශ උලුප්පා දක්වමින් ඇතැම් මාධ්‍ය රට තුල ආන්දොලනාත්මක තත්වයක් ඇතිකරමින් සිටියි. මෙම තත්වය හමුවේ ඇතැම් පාර්ශවයන් විසින් මෙය ජාතිවාදී ප්‍රවනතාවයකට ඇද දැමීමට චේතනාන්විත ක්‍රියා කරන බව පෙන්නුම් කරයි.

උමාරා සිංහවංශ ඉන්දුනීසියානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකික ගායිකාවක නමුත් ජාතිවාදී ප්‍රචාරකවාදීන් හුවා දක්වන්නේ ඇයගේ ඉන්දුනීසියා සම්භවය මුස්ලිම් වන බැවින් මෙය මුස්ල්‍රිම්වරුන් වගකිව යුතු බවත් මුස්ලිම්වරු හිතාමතා ජාතික ගීය විකෘති කෙරු බවට හැඟවෙන පුවත් නිර්මානය කර සිටීයි. ''

 

එවැනි කුමන්ත්‍රණ පිළිබඳ සොයා බලා පරීක්ෂණ ආරම්භ කරන ලෙස මානව හිමිකම් ක්‍රියාකාරික ප්‍රසංග ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතරුව මාධ්‍ය ඇමතු ප්‍රසංග ප්‍රනාන්දු, රටේ පවතින දුෂ්කරතා සහ දේශපාලන අස්ථාවරභාවය මධ්‍යයේ රටේ ජාතිවාදය අවුස්සා වෙනත් අරමුණු ඉටුකර ඉටුකරගැනීමට උත්සාහ කරන පිරිසක් සිටින බව සඳහන් කළේය.

ජාතිවාදය මතින් කෙසේ හෝ බලයට පැමිණීමට උත්සාහ දරණ ඇතැමුන්, විටින් විට ජාතිවාදය ඇවිස්සීමට ක්‍රියාකරන බවට ඔහු මෙහිදී චෝදනා කළේය.




JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්