සුප්‍රසිද්ධ දෙමළ මාධ්‍යවේදියෙකු වූ විමල් සොක්කලිංගම් ලන්ඩනයේදී

විදුලි දුම්රියක ගැටීම නිසා අගෝස්තු 2 දා මියගොස් තිබේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයෙකු වශයෙන් සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ විමල් සොක්කලිංගම් පසු කාලීනව ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කීපයකම මාධ්‍යවේදියෙකු වශයෙන්  කටයුතු කොට තිබේ.

 76 වෙනි වියේ පසු වූ ඔහු ලන්ඩනයේ පදිංචිව සිටින නිවසේ සිට ශාරීරික ව්‍යායාම කිරීම පිණිස බැහැරට ගොස් සිටි අවස්ථාවේදී විදුලි දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

අභාවප්‍රාප්ත විමල් සොක්කලිංගම් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඔහුගේ ග්‍රන්ථයක් එළි දැක්වීමේ උත්සවයක්ද යාපනයේ සංවිධානය කොට තිබුණි.

සොක්කනාදන් මහතාගේ අවසන් කටයුතු  5 වෙනි සෙනසුරාදා ලන්ඩනයේදී සිදු කිරීමට නියමිතය.

(lankasara.com)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්