ජනතා ගැටලු විසඳීමට ආණ්ඩුව මැදිහත් නොවන්නේ නම් ජනතාව වෙනුවෙන් සියලු තනතුරු අත්හැර දැමීමට තමන් සූදානම් බව

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසයි.

'නෙත් නිවුස්' ''රතු කට්ට'' විශේෂාංගය සමඟ එක් වෙමින් නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ, වලව ගොවින්ගේ ජල ගැටලුව සඳහා නිසි විසඳුමක් නොලබුණහොත් ඉදිරියේදි තමන් දේශපාලන තීන්දුවක් ගන්නා බවයි. 

 

උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම තවදුරටත් සීමා කෙරේ

උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම තවදුරටත් සීමා වී තිබේ.

ඒ, පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමග ජල මට්ටම තවදුරටත් පහළ යාම හේතුවෙනි.

ජලාශයභාර ඉංජිනේරු සුජීව ගුණසේකර පැවසුවේ, ජලාශයේ සක්‍රීය මෙහෙයුම් කාර්යක්ෂමතාව මේ වනවිට 0.9% ක් දක්වා පහතවැටී ඇති බවයි.

එම තත්ත්වය තුළ දැනට නිකුත් කෙරෙන ජල ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 350 කි.

ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ, එම ජලය වගාව සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

වගාව සඳහා ජලය නිකුත් කරන්නේ නම්, එහි ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 750 ඉක්මවිය යුතුවේ.

ඉංජිනේරුවරයා පෙන්වා දෙන්නේ, දැනට දකුණු සහ වම් ඇළවල්වලින් පානීය ජල අවශ්‍යතාව සඳහා ජලය නිකුත් කරමින් ඇති බවයි.

වම් ඉවුර සඳහා ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළැඹ නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සුජීව ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ, ජල පාලන ලේකම් කාර්යාලයේ උපදෙස් මත ඉදිරි තීරණ ගන්නා බවයි.


උඩවලවේ කුඹුරුවලට වන හානිය ගැන කෘෂිකර්ම ඇමතිත් කතා කරයි

උඩවලව ව්‍යාපාරයේ ගොවීන්ට සමනල වැවෙන් ජලය ලබා නොදුනහොත් ඉදිරියේදී සියයට 70කට අධික වගාවන් විනාශ වී යාමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ද පවසයි.

එම වගාවන් ආරක්ෂා කර ගැනීමට නම් සමනල වැවෙන් ජලය කඩිනමින් මුදා හැරීම අත්‍යාවශ්‍ය බව 'නෙත් නිවුස්' කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසිය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්