දූෂණ චෝදනා සම්බන්ධයෙන් තමන්ට වසර තුනක සිර දඬුවමක් නියම වීමෙන් පසු රට පුරා විරෝධතා පවත්වන ලෙස පකිස්ථානයේ හිටපු අගමැති

ඉම්රාන් ඛාන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු අගමැති ධූරය දැරූ සමයේ ලැබුණු ත්‍යාග විකුණා උපයා ගත් මුදල ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ඔහු වරදකරු බව තීන්දු කර තිබේ.

ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර එම තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහු පවසයි.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, ඉම්රාන් ඛාන්, ලාහෝර්හි පිහිටි ඔහුගේ නිවසේ සිට අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් තිබේ.

ik 3
තීන්දුවෙන් පසු කරන ලද ප්‍රකාශයක් මගින් ඔහු ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ, තීන්දුවට එරෙහිව සටන් කරන ලෙස ය.

"මට තියෙන්නේ එක ඉල්ලීමක් විතරයි, කවුරුත් ගෙදරට වෙලා වාඩි වෙලා නිශ්ශබ්දව ඉන්න එපා", ඔහු මීට පෙර ට්විටර් ලෙස හැඳින්වූ X හි පළ කරන ලද වීඩියෝ ලිපියක පැවසීය. "මම මේ අරගල කරන්නේ ඔබේ ත්, රටේ ත් ඔබේ දරුවන්ගේ ත් අනාගතය වෙනුවෙන්," ඔහු සඳහන් කළේ ය.

70 හැවිරිදි දේශපාලනඥයෙකු බවට පත්වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා, පකිස්ථානයේ බලවත් හමුදා රජය බිඳ වැටීමෙන් පසු 2018 වසරේදී අගමැති ධූරයට පත් කර ගන්නා ලදී. පසුගිය වසරේදී ඔහු විශ්වාසභංග යෝජනාවකින් එම ධූරයෙක් ඉවත් කෙරිණි.

අගමැති ධූරයෙන් නෙරපීමෙන් පසු දේශපාලනික වුවමනා මත එල්ල කරන චෝදනා යනුවෙන් ඔහු පවසන නඩු 100කට අධික සංඛ්‍යාවකට මුහුණ දී සිටී.

කෙසේ වෙතත්, ඛාන් අත්අඩංගුවට ගැනීම හෝ තනතුරු දැරීම තහනම් කිරීම යන කරුණු පසුපස කිසිදු දේශපාලනික චේතනාවක් ඇතැයි යන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. පකිස්ථානයේ තොරතුරු සහ විකාශන අමාත්‍ය මාරියම් ඖරංසෙබ් BBC වෙත පැවසුවේ, "ඔබේ ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතියෙන් වගකියන්න ඕන. මෙය දේශපාලනයට සම්බන්ධයක් නැහැ. අධිකරණයෙන් වරදක් කළ බව තහවුරු කරපු කෙනෙක් අත්අඩංගුවට ගන්න වෙනවා."

සෙනසුරාදා දෙන ලද තීන්දුව කේන්ද්‍රගත වූයේ, ඉම්රාන් ඛාන් විදේශීය ප්‍රභූවරුන්ගෙන් ලැබුණු තෑගි සහ ඒවා විකිණීමෙන් ලැබුණු ආදායම පිළිබඳ තොරතුරු වැරදි ලෙස ප්‍රකාශ කළ බවට එල්ල වූ චෝදනා මත ය.

අදාළ ත්‍යාග බව කියන Rolex ඔරලෝසු, මුද්දක් සහ කෆ් ලින්ක් යුගල පකිස්ථාන රුපියල් මිලියන 140 ($635,000; පවුම් 500,000) වඩා වටිනා බව වාර්තා වේ.

"ඔහුගේ වංකකම සැකයෙන් තොරව තහවුරු වී ඇත," විනිසුරු හුමායුන් දිලාවාර් සිය තීන්දුවේ ලිවීය. උසාවියෙන් පිටත රජයට පක්ෂපාතී උද්ඝෝෂකයෝ "ඔබේ නාට්‍ය ඉවරයි ඛාන්" යනුවෙන් කෑ ගැසූහ.

ඉම්රාන් ඛාන් වහා ම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස් දෙනු ලැබූ බව විනිසුරු දිලාවර් ප්‍රකාශ කළේ ය. තීන්දුව ප්‍රකාශයට පත්වී විනාඩි 15ක් ඇතුළත පොලිස් කාර් සහ ට්‍රක් රථ පෙළක් ඔහුව රැගෙන යන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍යවල සංසරණය වීමට පටන් ගත්තේ ය.

ඉම්රාන් ඛාන්ගේ නීතීඥ ඉන්ටසාර් හුසේන් පන්ජුතා බීබීසීයට පැවසුවේ, මෙම නඩු විභාගය "කැන්ගරු වර්ගයේ උසාවියක්" විසින් පවත්වන ලද බව ත්, "චූදිතයාට තමාව ආරක්ෂා කර ගැනීමට කිසි විටෙක අවස්ථාවක් ලබා නොදුන්" බවත් ය.

ik 1
"අද වරදකරු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට වසර පහක් දේශපාලනයේ නිරතවීම තහනම් කර ඇත," පන්ජුත පැවසීය.

"ඒත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලාපොරොත්තු වන පරිදි දඬුවම සහ වරදකරු කිරීම අත්හිටවුවහොත් ඔහුට නැවත දේශපාලනයට පැමිණීමට හැකි වනු ඇති."

ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවර සිට කිලෝමීටර් 85ක් (සැතපුම් 52ක්) පමණ දුරින් පිහිටි ආරක්ෂක හමුදා සමග ඓතිහාසික සබඳතා ඇති පන්ජාබ් පළාතේ අඩු පහසුකම් සහිත ඇටෝක් බන්ධනාගාරයට යවා තිබේ. ඔහුගේ පක්ෂයේ සාමාජිකයින් ගණනාවක් මීට පෙර එම පරිශ්‍රයේ රඳවා තිබූ බව දේශීය මාධ්‍ය වාර්තා කළේ ය.

මාස ගණනක් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදී වළක්වා ගත් අතර, ඔහුගේ ආධාරකරුවෝ ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදීම සඳහා පොලිසිය සමග සටන් කළහ.

අධිකරණය නියෝග කළ පරිදි උසාවියට නොපැමිණීම හේතුවෙන් ඔහු මැයි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහුව නිදහස් කරන ලද්දේ, අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව ප්‍රකාශ කරමිනි.

 129656878 gettyimages 1253526799
ඔහු අවසන් වරට මැයි 9 වන දා අත්අඩංගුවට ගත් අවස්ථාවේ පකිස්ථානය පුරා විරෝධතා පැවැත්විණි. අත්අඩංගුවට ගත් ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනකට විරෝධතාවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල විය.

එතැන් සිට, ඛාන් සහ ඔහුගේ දේශපාලන පක්ෂය ක්‍රමානුකූල මර්දනයකට මුහුණ දී ඇති අතර, පක්ෂයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමට පෙර ජ්‍යෙෂ්ඨ නායකයින් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉම්රාන් ඛාන්ගේ බොහෝ වාචික ආධාරකරුවන් - එනම් ඔහුට පක්ෂපාතීව සමාජ මාධ්‍යවල නිතර අදහස් පළ කළ පුද්ගලයින් - දැන් ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීමට චකිතයක් දක්වන අතර ඔවුන් පෙර පළ කර තිබූ අදහස් රහසේ මකා දමා තිබේ.

මානව හිමිකම් කණ්ඩායම්වල බොහෝ දෙනෙකුගේ විරෝධය නොතකා, ඛාන්ට සහය දැක්වීම නිසා අත්අඩංගුවට පත් ඇතැමුන් හමුදා අධිකරණවල නඩු විභාගවලට මුහුණ දෙනු ඇත.

ඇත්ත වශයෙන් ම, ඛාන් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් ගත වූ පසු ත්, මැයි මාසයේ දක්නට ලැබුණු ආකාරයේ මහජන දේශපාලන විරෝධතා නොතිබිණි.

ලාහෝර්හිදී, ධජ ලෙලවමින්, සටන් පාඨ කියමින් ඔහුගේ නිවසින් පිටත රැස්ව සිටි ඇතැම් ආධාරකරුවන් පොලිසිය විසින් රැගෙන යනු ලබන අයුරු බීබීසී උර්දු සේවය දුටුවේ ය. ඉස්ලාමාබාද් අවට, ආරක්ෂාව වැඩි කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත.

ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක් ලෙස හමුදාවට සතුරු වාතාවරණයක් ඇති කළේ දැයි BBC HARDTalk විසින් ප්‍රශ්න කරනු ලැබූ විට, ඛාන් පැවසුවේ, තමා සහ ඔහුගේ පක්ෂය කිසි විටෙක ත් ප්‍රචණ්ඩත්වය භාවිත කිරීම වෙනුවෙන් පෙනී නොසිටි බව ත් සාමකාමී විරෝධතාවල නිරත වූ බවත් ය.

 129652309 gettyimages 1253363653
පකිස්ථාන හමුදාව තම පක්ෂය "උරුම කර ගන්නා" මැතිවරණ ජයග්‍රහණවලින් "භීතියට" පත්ව ඇති බව ත්, එම හේතුව නිසා "ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය විසුරුවා හරිමින් සිටින," බව ත් ඛාන් පැවසීය.

පකිස්ථාන යුද්ධ හමුදාව දේශපාලනයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන අතර, ඇතැම් විට හමුදා කුමන්ත්‍රණ මගින් බලය අල්ලා ගැනීම සහ තව ත් අවස්ථාවලදී තිරය පිටුපස ලීවර ඇද දමයි.

බොහෝ විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ, ඛාන්ගේ 2018 මැතිවරණ ජයග්‍රහණය හමුදාවේ සහය ඇතිව සිදුවූ බවට ය.

විපක්ෂයේ සිටියදී, ඔහු එහි ප්‍රබල ම වාචික විවේචකයෙකු වූ අතර, විශ්ලේෂකයින් පවසන්නේ, හමුදාවේ ජනප්‍රියත්වය පහත වැටී ඇති බව ය.

නෙරපා හැරීමෙන් පසු, ඛාන් කඩිනම් මැතිවරණයක් සඳහා ප්‍රචාරක කටයුතුවල නියැළී සිටි අතර, එසේ වුව ද, සෙනසුරාදා තීන්දුවෙන් අදහස් වන්නේ, ඔහු අපේක්ෂිත ඡන්ද විමසීමට තරග කිරීමට නුසුදුස්සෙකු වනු ඇති බව ය.

AP22301455921054
සෙනසුරාදා තීන්දුව සහ මැතිවරණ අපේක්ෂාව අතර "කිසිදු සහසම්බන්ධයක්" නොමැති බව ඖරන්සෙබ් අවධාරණය කළා ය."මැතිවරණයක් තිබෙන පමණින් ඔහුව අත්අඩංගුවට ගත නොහැකි බව අදහස් වෙන්නෙ නෑ," ඇය බීබීසීයට පැවසුවා ය. ඇය ඛාන්ට චෝදනා කළේ නීතිය පසෙකට වී නීතිය මග හැරීම ගැන ය.

මැතිවරණය පැවැත්වීමේ කාර්ය භාරය භාරකාර රජයකට භාර දී පකිස්ථාන පාර්ලිමේන්තුව අගෝස්තු 9 වන දා විසුරුවා හරිනු ඇත.

ව්‍යවස්ථානුකූලව නොවැම්බර් මුල වන විට මැතිවරණ පැවැත්විය යුතු වුව ද මැතිවරණ දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

කෙසේ වෙත ත්, සෙනසුරාදා රටේ නීති අමාත්‍යවරයා පැවසුවේ, නව සංගණනයක ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීමෙන් පසු නව මැතිවරණය පැවැත්විය යුතු බව ය.

අසාම් නසීර් ටරාර් Geo News TV වෙත පැවසුවේ, ගණන් කිරීම මත පදනම්ව නව මැතිවරණ කොට්ඨාස මායිම් නිෂ්පාදනය කිරීමට මාස හතරක් පමණ ගත විය හැකි බව ත්, මැතිවරණය මාස කිහිපයකින් ප්‍රමාද විය හැකි බවත්ය.


කැරී ඩේවිස් සහ ඔයිෆ් වොල්ෂ්
බීබීසී ඉස්ලාමාබාද් සහ ලන්ඩන්...



(BBC සිංහල සේවය)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්