පොලිස් ස්ථානයකදී විභාගවන පැමිණිල්ලක් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට කිසිවකුටත් අවසර හිමි නොවන බව නීතිවේදීන් පවසති.



වේයන්ගොඩ පොලිස් ස්ථානයේදී විභාග කළ පැමිණිල්ලක් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය හරහා මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ විමසීමකදී නීතීඥ ප්‍රතිභා මහානාම පැවසුවේ, එවැනි තොරතුරු සමාජ මාධ්‍ය හරහා මුදාහැරි පුද්ගලයින්ට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පවතින ද්වි ලිප්ත නීතිය යටතේද වන්දි ඉල්ලා නඩු පැවරීමට හැකියාව පවතින බවයි.


පොලිස් ස්ථානයක විමර්ශනය වන සිද්ධීන් සමාජ මාධ්‍ය වෙත මුදා හරින නිලධාරීන්ට එරෙහිව පොලිස් කොමිසමටද ක්‍රියා කළ හැකි බව නීතීඥ ප්‍රතිභා මහානාම වැඩිදුරටත් පැවසිය.



වේයන්ගොඩ පොලිස් ස්ථානය තුළ විභාග වූ පැමිණිල්ලක් සමාජ මාධ්‍ය වෙත පසුගියදා මුදා හැර තිබුණේ සිය මවට එරෙහිව පුත්‍රයෙකු විසින් සිදු කළ ප්‍රකාශයක්ද වීඩියෝ ගත කරමිනි.

එලෙස අදාල වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරගෙන්  කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය වීඩියෝ ගත කළ සහ එය සමාජ මාධ්‍ය වෙත මුදා හැරි පුද්ගලයා හෝ ඊට අදාළ පිරිස සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි.    


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්