ණය ප්‍රශස්තකරණ වැඩසටහන නතර වුවහොත් සතියක් ඇතුළත බැංකු ඇතුළු සියලුම අංශ

කඩාවැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.

ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තවමත් අවසන් නොමැති බවත් එම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට විවිධ පිරිස් උත්සාහ දරමින් සිටින බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා පවසන්නේ ණය ප්‍රශස්තකරණය ක්‍රියාවලියෙන් පසුව ආර්ථිකයේ ඉදිරි සැලසුම් සකස් කළ හැකි බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ කොළඹ පැවැති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.



''ආර්ථිකය වේගයෙන් ඉදිරියට ගෙන යාමට නම් මූල්‍ය හා මානව ප්‍රාග්ධනය තිබිය යුතුයි. එබැවින් ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක්  සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකියි. ''



රට  සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යාමට නම් ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් අවශ්‍යයි - ජනපති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ වාර්ෂික හමුවේ දී පවසයි



ඉංජිනේරු, විද්‍යා ඇතුළු අංශවල වැඩි පිරිසක් සීඝ්‍රයෙන් රට හැර යාම හේතුවෙන් විශ්වවිද්‍යාලවලට ආචාර්යවරුන්ගේ හිඟයක් මෙන්ම රෝහල්වලට ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති තත්ත්වයක් ද පවති.

ඊට විසඳුමක් ලෙස පෞද්ගලික අංශය හෝ වෙනත් නියෝජිත ආයතන සමඟ හෝ ඒකාබද්ධව අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.

 

 

 {gallery}RCEP{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්