The Leader News
BREAKING
Top Ad
පුවත්

යුක්තිය උදෙසා ගත යුතු මඟ - කලු ජනවාරි සැමරුම 19 වෙනිදා

T

The Leader Desk

January 16, 2026 • 7:51 AM

යුක්තිය උදෙසා ගත යුතු මඟ - කලු ජනවාරි සැමරුම 19 වෙනිදා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ "යුක්තිය උදෙසා ගත යුතු මඟ" මෙවර සැමරුමෙහි තේමාව බවයි.
  • මෙම සැමරුම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය මතු පළවේ.
  • මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට එරෙහි අපරාධ ගණනාවක් සිදු වූ පසුගිය දශක දෙකෙහි වැඩිමනත් ඝාතන හා අතුරුදන් කිරීම් ⁣මෙන්ම පහරදීම්ද ජනවාරි මාසයේ සිදුව ඇත.
  • ජනවාරි සැමරුම් කලු ජනවාරිය ලෙසින් සිහිපත් කරන්නට හේතුව එයයි.
අකුරු ප්‍රමාණය (Font Size):


නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ "යුක්තිය උදෙසා ගත යුතු මඟ" මෙවර සැමරුමෙහි තේමාව බවයි.

මෙම සැමරුම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය මතු පළවේ.

 

notice s
මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට එරෙහි අපරාධ ගණනාවක් සිදු වූ පසුගිය දශක දෙකෙහි වැඩිමනත් ඝාතන හා අතුරුදන් කිරීම් ⁣මෙන්ම පහරදීම්ද ජනවාරි මාසයේ සිදුව ඇත. ජනවාරි සැමරුම් කලු ජනවාරිය ලෙසින් සිහිපත් කරන්නට හේතුව එයයි. කලු ජනවාරිය මැයෙන් මෙම සැමරුම් ආරම්භ කරන ලද්දේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයයි.

මේ වනවිට පාර්ශව ගණනාවක් එම තේමාව භාවිතා කරමින් මාධ්‍යයට එරෙහි අපරාධවලට යුක්තිය ඉල්ලා සිටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. එය සතුටට කරුණක් බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ එතුළින් මෙම අපරාධවලට එ⁣රෙහි පුළුල් මතයක් ගොඩ නැංවීමේ සිය අභිලාෂය සාර්ථක වන බවයි. එම නිසා "කලු ජනවාරි" තේමාවෙන් තමන් ආරම්භ කළ වැඩපිළිවෙලට විවිධ කඳවුරුවල හා වේදිකාවල  සිටිමින් දායක වන සියලු පාර්ශවවලට ආචාරය පුද කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. සමාරම්භකයෝ කවුරුන් වූවද කිසියම් හෝ යුක්තිය ඉල්ලීමේ ව්‍යාපාරයක් ඉදිරියට යා යුතු වන්නේ සියලු දෙනාගේ දායකත්වය තුළිනි.

එහෙත්, කලු ජනවාරිය අනුස්මරණය කළ පමණින් යුක්තිය ඉටුවන්නේ නැත. ඉතිහාසය මුළුල්ලේ යුක්තිය වෙනුවෙන් පුරෝගාමී හා වඩාත් පුළුල් සටනක යෙදුණු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ බල කිරීම වන්නේ අනීතික දණ්ඩ මුක්තිය අහෝසි කිරීමයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ අපරාධවල වින්දිතයන් වූ මාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට නොපමාව යුක්තිය උදා විය යුතු බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ පමා වී ඉටුවන යුක්තිය සැබෑ යුක්තියක් නොවන බවයි. පසුගිය යහපාලන රජය මෙන්ම පවතින මෙම රජයද යුක්තිය ඉටු කිරීමේ පොරොන්දු පෙරදැරිව බලයට පැමිණියද එය ඉටුකිරීමෙහිලා අසමත්ව ඇති බවක් දකින්නට ලැබේ. එමනිසා මෙවර නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සැමරුම "යුක්තිය උදෙසා ගත යුතු මඟ" යන තේමාවෙන් සිදු වේ.

එහිදී මාධ්‍යවේදීන් වන සුනිල් ජයසේකර, හනා ඊබ්‍රාහිම් සහ ආර්. රාම් කුමාර් කෙටි අදහස් දැක්වීම් සිදු කරන අතර සංවාදයට දායක වන්නේ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, නීතීඥ උපුල් කුමරප්පෙරුම, සහ ජනමාධ්‍ය පර්යේෂක විජයානන්ද ජයවීර ය. මාධ්‍යවේදී අමල් ජයසිංහ සංවාදය මෙහෙයවයි.

යුක්තිය අගයන සියලු පාර්ශවවලට මෙම අවස්ථාවට එක්වන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය ආරාධනා කරයි.
notice efmm 211

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුක්තිය උදෙසා ගත යුතු මඟ - කලු ජනවාරි සැමරුම 19 වෙනිදා | The Leader