පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ රට තුළදීම දේශීය හා විදේශීය විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කාදිනල්තුමන්ගේ ද අධීක්ෂණය යටතේ විමර්ශනයක් කිරීම සුදුසු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පවසයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක කැප්පිටියාගොඩ සිරිනිමල නා හිමියන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

චැනල් 4 නාළිකාව සිංහල බෞද්ධ පාලකයෙකු පත්කරගැනීම සඳහා මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ජීවිත පරිත්‍යාගයෙන් සැලසුම් සකස් කළ බව පැවසීම හාස්‍යයක් වනබව උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

චැනල් 4 නාළිකාව රට තුළ කැලඹීමක් ඇති කිරීමට උත්සාහ දරන්නේ යැයි පෙනී යන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

0000 001 1


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්