පාස්කු ඉරුදින ප්‍රහාරයේදී ඇත්තටම සිදුවී ඇත්තේ කුමක් දැයි 'චැනල් ෆෝ' වීඩියෝවෙන් ඕනෑම කෙනකුට

හොඳටම තේරුම් යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

"බැලුවහම වෙලා තියෙන්නේ එදා කිව්ව දේට වෙනස් දෙයක්" බවද   ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අවුරුදු 4ක් තිස්සේ දිය හැකි සියලුම වද දුන් බවත් නඩු තීන්දුද ලබා දුන් බවත් ඔහු සඳහන් කළේය.

චැනල් ෆෝ සම්බන්ධයෙන් සකස් කරන ලියූමේ කටයුතු අවසන් කිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත හමුවන බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කර ඇති අන්දමට තමාද ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ 'චැනල් ෆෝ 'ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදීය.

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්