ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානි හා ක්‍රියාකාරීන් නොසලකා හරිමින්,

'වියත්මඟ' ක්‍රියාකාරීන්ට හා විශ්‍රාමික හමුදා නිලධාරීන්ට තනතුරු හා වරප්‍රසාද පිරිනැමීම හා ඉදිරි මහ මැතිවරණයේදී නාමයෝජනා ලබාදීම් සම්බන්ධයෙන් මේවනවිට ආණ්ඩුව අභ්‍යන්තරයේ බලවත් අර්බුදයක් මතුවෙමින් තිබේ.

මෙහිදී පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් රජයේ තනතුරු සඳහා නිර්දේශකල 'පොහොට්ටුවේ පුර්නකාලින දේශපාලන ක්‍රියාකාරීන් ගණනාවක් ජනාධිපතිවරයාගේ 'විද්වත් කමිටුවේ' කැපිල්ලට ලක්ව ඇති අතර යම් තරමක හෝ වගකීමක් ලැබී ඇත්තේ විලි ගමගේ, සිරිපාල අමරසිංහ, අනිල් කොස්වත්ත වැනි කිහිප දෙනෙකුට පමණක් වීම බැසිල් වාදීන්ගේ බලවත් කනස්සල්ලට හේතුවී ඇත.

කෙසේනමුත් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට බලාපොරොත්තුවන බැසිල් වාදීන් රජයේ තනතුරු ලබානොගෙන මේවනවිට ඡන්ද සටනට සුදානම් වෙමින් සිටියි.

 එහෙත් ඊට නායකත්වය ලබාදීමට බැසිල් රාජපක්ෂ ඉක්මනින්ම යළි දිවයිනට නොපැමිණීම ගැන දැඩි රාජපක්ෂවදියකු වන ධනසිරි අමරතුංග සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.

''රටම කියන්නේ ''බැසිල් සර් එනවා නම් මේ හැමදේම හරි '' නායක බැසිල් සමග 2020 ඇති බහුතර පාර්ලිමේන්තු මැතිවරණ විජයග්‍රනයකට සුදානම් වෙමු''.

 

 රටම ඉල්ලන්නේ ගෝඨා-සජිත් සුසංයෝගයක් !

ආණ්ඩුවේ පාර්ශවයන් අතර මෙසේ අභ්‍යන්තර අවුල් වියවුල් මතුවෙමින් තිබිය දී අවුලෙන් අවුලට යමින් සිටින එක්සත් ජාතික පක්ෂය ද ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සඳහා අලුතින් සටන් පාඨ සොයමින් සිටියි.

එහිදී සජිත් පාර්ශවය පවසන්නේ, සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය, ‘ගෝඨාභය ජනපති -සජිත් අගමැති’ තේමාවෙන් එම මැතිවරණය සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ දිනවල සකස් කරමින් සිටින බවයි.

අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි එබව සඳහන් කළේය.

අද වන විට ගැලපෙන්නේත් රට ඉල්ලන්නේත් ගෝටාභය-සජිත් සුසංයෝගය බවද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

සබැඳි පුවත් :

බැසිල්ට මල පැනලා ! - ජනාධිපති කාර්යාලයෙනුත් කුඩම්මාගේ සැලකිලි ලු !!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්