The Leader News
BREAKING
Top Ad
පුවත්

ආපදා මරණ ගණන 193ක් දක්වා ඉහළට: පුද්ගලයන් 228 දෙනෙක් අතුරුදන්

T

The Leader Desk

November 30, 2025 • 8:08 AM

ආපදා මරණ ගණන 193ක් දක්වා ඉහළට: පුද්ගලයන් 228 දෙනෙක් අතුරුදන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමෙන්ම පුද්ගලයින් 228 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර අලුත්ම වාර්තාවේ සඳහන්ය.
  • මේ වනවිට පවුල් 266,114කට අයත් පුද්ගලයින් 968,304ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30) උදෑසන 11.30 නිකුත් කළ වාර්තාවේ සඳහන් ය.
  • මේ අතර වැඩිම ආපදා මරණ ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
  • මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 52ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 20ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 15ක් වාර්තා වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එමෙන්ම පුද්ගලයින් 228 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර අලුත්ම වාර්තාවේ සඳහන්ය.

මේ වනවිට පවුල් 266,114කට අයත් පුද්ගලයින් 968,304ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30) උදෑසන 11.30 නිකුත් කළ වාර්තාවේ සඳහන් ය.

මේ අතර වැඩිම ආපදා මරණ ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ඒ මරණ 71කි.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 52ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 20ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 15ක් වාර්තා වී තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් සහ ආපදාවන්ට ලක්වූ ස්ථානයන් වෙත තවමත් මුදාගැනීමේ සහන කණ්ඩායම්වලට ළඟාවීමට අසීරු වී ඇති අතර, මේ හේතුවෙන් මහනුවර පුද්ගලයින් 105 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 53 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 27 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 24 දෙනෙකු අතුරුදන්ව ඇත.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආපදා මරණ ගණන 193ක් දක්වා ඉහළට: පුද්ගලයන් 228 දෙනෙක් අතුරුදන් | The Leader