හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් ඊයේ (සැප් 26) සිදුවිය.


ඒ,  දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරු උත්සවයේදීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය වසරේ වෙන් වෙන්ව බණ්ඩාරනායක ගුණ සමරුව සිදුකිරීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මෙරට සිව්වන අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව වෙනුවෙන් සමරු උත්සවයක් ඊයේ පැවැත්වුණේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදීය.

සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යි.

මෙහිදි උත්සව සභාවේ ආගමික වතාවත් සිදුකෙරුණේ මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්ගේ සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්