නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමේ උත්සාහය සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයකු එම දෙපාර්තමේන්තුව මගින්

අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහජන පැමිණිලි අංශයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.

හරක් කටා නැමැත්තා පළා යාමේ සැලසුමට සෘජුවම සහාය දුන් බවට මේ වනවිට අනාවරණය වී තිබෙන කොස්තාපල්වරයා පලා ගොස් අදට දින 20 ගත වුවද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

හරක් කටා පලායාමේ සැලසුමට ආධාර අනුබලදීම යටතේ ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන මිදිගම රුවන් නමැත්තා ගේ ගෝලයන් 4 දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ වන විට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලක්වළැක්වීමේ විධිවිධාන පනත යටතේ දින 90ක රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්