ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.

අද පෙරවරු 9.30ට විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

රටේ ජාතික ගුවන් සේවා සන්නාමයට කැළලක් එක් කරන මෙම ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳ මෙහිදි බලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පාලනාධිකාරියේ නිලධාරීන් සහ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් ද එක්වීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය දිනවල ශ්‍රීලන්කන් ගුවන් ගමන් කිහිපයක් අවලංගු වූ අතර ඇතැම් ගුවන් ගමන් වාරවල ප්‍රමාදයන් දිගින් දිගටම සිදුවුණි.

ඇතැම් විදෙස් සංචාරකයින් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් අන්තර්ජාලය වෙත මුදාහැර ඇති අතර මෙම තත්ත්වය සංචාරක ව්‍යාපාරයට බරපතල තර්ජනයක් වී තිබේ.



ගුවන්යානා ප්‍රමාදයෙන් දෙස් විදෙස් මගීන් යකා නටයි

නේපාලයේ කත්මන්ඩු නුවර බලා ඊයේ  (01) උදෑසන පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් යානයක ගමන් වාරය ද අවලංගු වීමෙන් මගීන් 200ක් පමණ දැඩි අපහසුතාවට ලක්ව තිබුණි.

මගීන් අතර සිටි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසුවේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ගුවන් ගමන ප්‍රමාද වී ඇති බව වාර්තා වූ බවය.

ශ්‍රීලන්කන් ගුවන් ගමනක් ඊයේ දිනයේ ද මෙලෙස අවලංගු වූයේ මෙරට ගුවන්යානා ප්‍රමාදවීම් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් මතුව ඇති පසුබිමකය.

ශ්‍රීලන්කන් ගුවන් ගමන් වාර ප්‍රමාද වීම සම්බන්ධයෙන් මේ දිනවල රට තුළ මතුව ඇත්තේ දැඩි කතාබහකි.

මීට දෙදිනකට පෙර ද ගුවන් යානා ප්‍රමාදයක් සිදු වූ අතර එහිදී ගුවන්තොටුපොළ තුළ ඇතිවූ නොසන්සුන්තාව සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය විය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම එදින සඳහන් කළේ යානා කිහිපයක එකවර තාක්ෂණික දෝෂ මතුවීම හේතුවෙන් ප්‍රමාදය සිදුවූ බවය.

ඊයේ මෙම අවලංගු වීම සිදුවුයේ එවැනි පසුබිමක් තුළය.

ඊයේ එලෙස ප්‍රමාද වූයේ UL 181 දරණ ගුවන් යානයයි.

එම යානය ඊයේ පෙරවරු 8.20ට කටුනායක ගුවන්තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

ගුවන් මගීන් පෙරවරු 07.15ට පමණ ගුවන් යානයට ඇතුළු කර තිබුණත් පෙරවරු 11.00 වන තෙක්ම යානය ගමන් ආරම්භ කර තිබුණේ නැත.

ප්‍රමාදයෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි මගීන් එය පටිගත කර තිබූ දර්ශන කිහිපයක් ද අන්තර්ජාලය වෙත මුදාහැර තිබිණ.

මෙහි කාර්මික දෝෂයක් නිසා වෙනත් ගුවන් යානයක් ලබාදෙන බව පැවසූවත් එය ද සිදු නොවුණු බවට මගීන් චෝදනා කළේය.

ඒ සම්බන්ධයෙන් දෙස් විදෙස් මඟීන් රැසක් ගුවන්තොටුපොළේදී සිය අප්‍රසාදය පළ කළේය.

කෙසේ වෙතත් පැය ගණනක ප්‍රමාදයෙන් පසු එම ගුවන් ගමන අවලංගු කර තිබුණි.

කුමන්ත්‍රණයක් ද ?

මෙම තත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක එරන්ද ගිනිගේ පවසන්නේ මෙය තවත් කුමන්ත්‍රණයක් වියහැකි බවයි.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්