The Leader News
BREAKING
Top Ad
පුවත්

බාල බෙහෙත් නිසා මරණ 2ක් සිද්ධ වෙලා දැන් මාස 3ක්! සභාපති වාර්තා හංගලා!

T

The Leader Desk

February 12, 2026 • 6:03 AM

බාල බෙහෙත් නිසා මරණ 2ක් සිද්ධ වෙලා දැන් මාස 3ක්! සභාපති වාර්තා හංගලා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඖෂධ නියාමන අධිකාරිය වෙත පැමිණ චෝදනා පත්‍රයක් සහ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
  • මුල්ලෙරියාව ජාතික සෞඛ්‍ය ආයතනයේදී ‘ඔන්ඩස්ට්‍රෝන’ ඖෂධය ලබාදීමෙන් පසු සිදුවූ රෝගී මරණ දෙක සම්බන්ධයෙන් මාස තුනක් ගතවී ඇතත් නිසි වාර්තාවක් ඉදිරිපත් නොකිරීම රජයේ සහ බලධාරීන්ගේ අසමත්කමක් බව ඔවුන් එහිදී පෙන්වා දුන්හ.
  • ඖෂධ නියාමන අධිකාරියේ පවතින දුර්වල පරිපාලනය හේතුවෙන් රට පුරා ෆාමසිවල අනුමැතිය නොමැති ඖෂධ අලෙවි වන බවත්, ඖෂධ මිල පාලනය බිඳ වැටීම නිසා ඖෂධ කාණ්ඩ 600කට ආසන්න ප්‍රමාණයක් ගෙන්වීමට නොහැකි වී ඇති බවත් වෛද්‍ය චමල් සංජීව මෙහිදී අනාවරණය කළේය.
  • එමෙන්ම, මිල පාලන කමිටුවල සිටින ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් සහ මහාචාර්යවරුන් ඖෂධ සමාගම් සමඟ සෘජු ගනුදෙනු පවත්වන බවට ද ඔහු මෙහිදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඖෂධ නියාමන අධිකාරිය වෙත පැමිණ චෝදනා පත්‍රයක් සහ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

මුල්ලෙරියාව ජාතික සෞඛ්‍ය ආයතනයේදී ‘ඔන්ඩස්ට්‍රෝන’ ඖෂධය ලබාදීමෙන් පසු සිදුවූ රෝගී මරණ දෙක සම්බන්ධයෙන් මාස තුනක් ගතවී ඇතත් නිසි වාර්තාවක් ඉදිරිපත් නොකිරීම රජයේ සහ බලධාරීන්ගේ අසමත්කමක් බව ඔවුන් එහිදී පෙන්වා දුන්හ.

ඖෂධ නියාමන අධිකාරියේ පවතින දුර්වල පරිපාලනය හේතුවෙන් රට පුරා ෆාමසිවල අනුමැතිය නොමැති ඖෂධ අලෙවි වන බවත්, ඖෂධ මිල පාලනය බිඳ වැටීම නිසා ඖෂධ කාණ්ඩ 600කට ආසන්න ප්‍රමාණයක් ගෙන්වීමට නොහැකි වී ඇති බවත් වෛද්‍ය චමල් සංජීව මෙහිදී අනාවරණය කළේය.

එමෙන්ම, මිල පාලන කමිටුවල සිටින ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් සහ මහාචාර්යවරුන් ඖෂධ සමාගම් සමඟ සෘජු ගනුදෙනු පවත්වන බවට ද ඔහු මෙහිදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.

රටේ ආර්ථික අර්බුදයක් නොමැති බව රජය පැවසුවද, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගේ වැටුප් දීමනා සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම කනගාටුදායක බව පැවසූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව, ඖෂධ මිල අඩු කරන බවට රජය පවසන ප්‍රකාශ හුදු ප්‍රෝඩාවන් පමණක් බවත් රජයේ ප්‍රසම්පාදන පටිපාටිය යටතේ එවැනි අඩු කළ මිලට ඖෂධ ගෙන්වීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව අසමත් වී ඇති බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.



 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බාල බෙහෙත් නිසා මරණ 2ක් සිද්ධ වෙලා දැන් මාස 3ක්! සභාපති වාර්තා හංගලා! | The Leader