The Leader News
BREAKING
Top Ad
පුවත්

'දිට්වා' කුණාටුවෙන් දරුවන් 2,75,000 පීඩාවට - UNICEF

T

The Leader Desk

December 3, 2025 • 3:45 AM

'දිට්වා' කුණාටුවෙන් දරුවන් 2,75,000 පීඩාවට - UNICEF

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පීඩාවට පත්වූ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 14 කි.
  • සුළි කුණාටුවෙන් ළමයින්ට එල්ල වු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මූලික ඇස්තමේන්තුවක් සිදුකළ බවත් එහිදී මෙම කරුණු අනාවරණය වු බවත් ඇය පැවැසුවාය.
  • තවමත් මාර්ග සහ සන්නිවේදන අවහිරතා තිබෙන බැවින් එම ගණන තවත් ඉහළ යා හැකි බව ඇය පෙන්වා දුන්නාය.
  • මෙරට ඉතිහාසයේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් දැඩි අවදානමට ලක්වූ මෙරට ජනතාව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තවත් අර්බුදයට ලක්ව ඇතැයි ඇය ප්‍රකාශ කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):


පීඩාවට පත්වූ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 14 කි.

සුළි කුණාටුවෙන් ළමයින්ට එල්ල වු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මූලික ඇස්තමේන්තුවක් සිදුකළ බවත් එහිදී මෙම කරුණු අනාවරණය වු බවත් ඇය පැවැසුවාය.

තවමත් මාර්ග සහ සන්නිවේදන අවහිරතා තිබෙන බැවින් එම ගණන තවත් ඉහළ යා හැකි බව ඇය පෙන්වා දුන්නාය.

මෙරට ඉතිහාසයේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් දැඩි අවදානමට ලක්වූ මෙරට ජනතාව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තවත් අර්බුදයට ලක්ව ඇතැයි ඇය ප්‍රකාශ කළාය.

ලෝක බැංකුවේ නවතම වාර්තාව අනුව 2019 සිට 2024 වනවිට මෙරට දුගීභාවය සියයට 11.3 සිට 24.5 දක්වා දෙගුණ වී ඇති බවත් මෙරට මිලියන ගණනක පවුල්වලට ජීවත්වීම පවා අපහසුවී ඇති බවත් බ්‍රිග්හැම් සඳහන් කළාය.

මෙරට බොහෝ පවුල්වලට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම පවා අභියෝගයක් වී ඇතැයිද ඇය ප්‍රකාශ කළාය.

ළමයින්ට සහා ළමයින්ගේ ආරක්ෂාවට මෙන්ම යහපැවැත්මට අවශ්‍ය සේවාවලට දිට්වා සුළි කුණාටුවෙන් බාධා එල්ලවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල දැඩි කනස්සල්ලට පත්වන බවද ඇය සඳහන් කළාය.

සිය ආදරණීයයන් අහිමි වූ පවුල්වල සාමාජිකයන්ට සිය ශෝකය පිරිනමන බවත් පීඩාවට පත් වූ පවුල් සමඟ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සිටින බවත් ඇය කීවාය.

ළමයින්ට දැඩි අවදානම් තත්ත්වයකදී ඉතාමත් ඉක්මනින් සහාය අවශ්‍ය බවත් ජීවිතය අවදානමට ලක්වූ දැඩි අවදානම් පවුල්වලට සහාය සැපයීම කාලයත් සමඟ සිදු කරන සටනක් බවත් බ්‍රිග්හැහැම් ප්‍රකාශ කළාය.

දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවෙන් පිටව ගියද ඉන් ඇතිවූ බලපෑමෙන් ශ්‍රී ලංකාව තවමත් පීඩා විඳිමින් සිටින බව ඇය පැවසුවාය.

සුළි කුණාටුවෙන් නිවාස සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වලට දැඩි හානි සිදුව තිබෙන බවත් අත්‍යවශ්‍ය සේවාවලට බාධා එල්ල වී තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.

ඒ හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන් වී තිබෙන බවත් ළමයින් අතර වසංගත රෝග පැතිරීම, මන්දපෝෂණ තත්ත්වය සහ ජීවත්වීමේ පරිසරය අනාරක්ෂිත වීම ඉහළ යෑමේ අවදානමක් මතුව තිබෙන බවද ඇය සඳහන් කළාය.

ළමයින් අතර දැඩි මානසික ආතතිය වර්ධනය විය හැකි බව

එසේම මේ හේතුවෙන් ළමයින් අතර දැඩි මානසික ආතතිය වර්ධනය විය හැකි බවද ඇය පෙන්වා දුන්නාය.

ජීවිත බේරා ගැනීමට අවශ්‍ය සහාය සහ ආපදාවේ තත්ත්වය ඇස්තමේන්තු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල රජය සමග එක්ව කටයුතු කරන බවද ඇය ප්‍රකාශ කළාය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් 1,373,899 ක් පීඩාවට පත්ව ඇති බවත් නිවාස 15,688 හානියට පත්ව ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැසුවේය.

ඉන් නිවාස 432 මුළුමනින්ම විනාශ වි ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


(lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)

 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...