The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

අධිකරණ සේවයේ 20ක් රාජකාරිවලින් ඉවත් කරලා

T

The Leader Desk

November 3, 2025 • 4:31 AM

අධිකරණ සේවයේ 20ක් රාජකාරිවලින් ඉවත් කරලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එලෙස රාජකාරිවලින් ඉවත්කළ පිරිසට එක් මහාධිකරණ විනිසුරුවරයකු, මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් ඇතුළත් වන බව ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
  • රාජකාරීවලින් ඉවත්කළ 20 දෙනාගෙන් හත් දෙනකුගේ සේවය අවසන් කර ඇති බවත් අනෙක් අය වැඩ තහනම් කර හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ලක් කර ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
  • රාජකාරියෙන් ඉවත් කළ මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ඉදිරියේ පරීක්ෂණයකට මුහුණ දී සිටින බවද ආරංචි මාර්ග පැවැසුවේය.
  • අධිකරණ සේවයේ සිටින්නන් පිළිබඳව මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරු මෙම පිරිස රාජකාරීවලින් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙන බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එලෙස රාජකාරිවලින් ඉවත්කළ පිරිසට එක් මහාධිකරණ විනිසුරුවරයකු, මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් ඇතුළත් වන බව ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

රාජකාරීවලින් ඉවත්කළ 20 දෙනාගෙන් හත් දෙනකුගේ සේවය අවසන් කර ඇති බවත් අනෙක් අය වැඩ තහනම් කර හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ලක් කර ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

රාජකාරියෙන් ඉවත් කළ මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ඉදිරියේ පරීක්ෂණයකට මුහුණ දී සිටින බවද ආරංචි මාර්ග පැවැසුවේය.

අධිකරණ සේවයේ සිටින්නන් පිළිබඳව මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරු මෙම පිරිස රාජකාරීවලින් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙන බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එල්ල වූ චෝදනාවලට වරදකරු වූවන් විශ්‍රාම ගන්නා වයස ආසන්නයේ සිටී නම් ඔවුන්ට විශ්‍රාම ගැනීමේ විකල්පය ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කළ බවද ආරංචි මාර්ග පැවැසුවේය.

දූෂණ වැනි බරපතල චෝදනා එල්ල වූ අය සම්බන්ධයෙන් චෝදනා පත්‍ර භාර දී පරීක්ෂණ පවත්වා තිබෙන බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

පරීක්ෂණයකින් පසුව චෝදනාවලට වරදකරු වන්නන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතීත්වයෙන් යුතු අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් රාජකාරියෙන් ඉවත් කරනු ලැබ තිබෙන බවද ආරංචි මාර්ග පැවැසුවේය.

(lankadeepa| රංජිත් පද්මසිරි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...