The Leader News
BREAKING
Top Ad
පුවත්

රෝහිත ඇතුළු 20ක් නැවත පොහොට්ටුවට

T

The Leader Desk

November 26, 2025 • 5:34 AM

රෝහිත ඇතුළු 20ක් නැවත පොහොට්ටුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමන් අනිවාර්යෙන්ම එකතු වන බවත් එම පක්‍ෂයට නැවත එකතු වීමට එම පක්‍ෂ බලධාරීන් සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් අබේගුණවර්ධන කීය.
  • පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට පෙර ඉවත්වූ ප්‍රබලයන් 20 කට අධික සංඛ්‍යාවක් තමන් සමඟ එකට සිටින බව කී රෝහිත අබේගුණවර්ධන, එම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ සමඟ නාරාහේන්පිටදී පැවැති සාකච්ඡාවට ද සහභාගි වූ බව ද සඳහන් කළේය.
  • (යොහාන් භාසුර - l ankadeepa ).
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමන් අනිවාර්යෙන්ම එකතු වන බවත් එම පක්‍ෂයට නැවත එකතු වීමට එම පක්‍ෂ බලධාරීන් සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් අබේගුණවර්ධන කීය.

පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට පෙර ඉවත්වූ ප්‍රබලයන් 20 කට අධික සංඛ්‍යාවක් තමන් සමඟ එකට සිටින බව කී රෝහිත අබේගුණවර්ධන,  එම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ සමඟ නාරාහේන්පිටදී පැවැති සාකච්ඡාවට ද සහභාගි වූ බව ද සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරු වන පවිත්‍රා වන්නිආරච්චි, රමේෂ් පතිරණ සහ චින්තක මායාදුන්නේ ඇතුළු පිරිසක් සිටින අතර එම පිරිස නැවත පොහොට්ටුවට එකතු වීමට බලාපොරොත්තු වන බවත් එම පිරිසෙන් තමන්, රමේෂ් පතිරණ ආදි හිටපු අමාත්‍යවරු ඇතුළු වැඩි සංඛ්‍යාවක් පසුගිය 21 වැනිදා පැවැති විපක්‍ෂයේ ජන රැළියට ද සහභාගි වූ බවත් හිටපු අමාත්‍යවරයා කීය.

තමන් කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් නොවූ අතර පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත්වීමට සුදුසුම තීරණය ගෙන ‘සිලින්ඩරය’ ලකුණෙන් තරග කළ බවත් එම මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් ‘පොහොට්ටුව’ ලකුණින් තරග කළ ලැයිස්තුවට වඩා ‘සිලින්ඩරය’ ලකුණින් තරග කළ කණ්ඩායම ප්‍රබල වීම නිසා එකම මන්ත්‍රී ධුරයට පත්විමේ අවස්ථාව ලැබුණු බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

(යොහාන් භාසුර - lankadeepa)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...