පමණ නැගෙනහිරින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
එය අද සවස් කාලයේ මුලතිව් ආසන්නයේ වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති අතර එය හෙට දින වන විට අඩු පීඩන ප්‍රදේශයක් දක්වා දුර්වල වීමට හැකියාව පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව උතුරු පළාතේ පැ.කි.මී. 50-60 දක්වා වන ඉතා තද සුළං සමඟ පැ.කි.මි. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බව වාර්තා වේ.
එමෙන්ම පුත්තලම, මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40-50 දක්වා වන තද සුළං ඇති විය හැකියි.
මේ අතර දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද සඳහන් වේ.
නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කෙරේ
නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර එම නිවේදනය අද (10) පස්වරු 4.00 සිට හෙට (11) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හාලිඇළ, පස්සර, ලුණුගල, වැලිමඩ, මීගහකිවුල, කන්දකැටිය, ඌව පරණගම, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළය, උකුවෙල, ලග්ගල පල්ලේගම, රත්තොට, විල්ගමුව, මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ, උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහේන, වලපනේ, මතුරට, හඟුරක්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.




