The Leader News
BREAKING
Top Ad
පුවත්

සජිත් හදිසියේම අභයාරාමයට ගියේ 20 පාගමනට සහය දෙන්න ද ?

T

The Leader Desk

February 13, 2026 • 1:13 PM

සජිත් හදිසියේම අභයාරාමයට ගියේ 20 පාගමනට සහය දෙන්න ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, ලබන 20 වෙනිදා දැවැන්ත පා ගමනක් සංවිධානය කිරීමට පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් වහන්සේ මේවනවිට කටයුතු කරමින් සිටින බැවිනි.
  • ඒ වැනි වටපිටාවක් යටතේ අද අභයාරාමයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් උන්වහන්සේ හමුවේ වත්මන් රජය විසින් බුදු දහමට සහ ගරුතර මහා සංඝරත්නයට සිදු කරන අපහාස සම්බන්ධයෙන් ද ජාතිවාදය ඉස්මතුවන ආකාරයේ මතවාද ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද කරුණු පෙන්වා දී ඇත.
  • මෙම හමුව මහජන හඬ සංවිධානයේ ජ්‍යෙෂ්ඨයන් වන අනුර යාපා, උදය ගම්මන්පිල , ටිරාන් අලස්, ප්‍රේමනාත් දොලවත්ත, සුගිෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් සහභාගි වුහ.
  • වත්මන් ආණ්ඩුවෙන් බෞද්ධ ශාසනයට එල්ල වී ඇති අභියෝග සම්බන්ධව මේ පිරිස ද නාහිමියන් සමඟ දීර්ඝ වෙලාවක් සාකච්ඡාකර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, ලබන 20 වෙනිදා දැවැන්ත පා ගමනක් සංවිධානය කිරීමට පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් වහන්සේ මේවනවිට කටයුතු කරමින් සිටින බැවිනි.

ඒ වැනි වටපිටාවක් යටතේ අද අභයාරාමයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් උන්වහන්සේ හමුවේ වත්මන් රජය විසින් බුදු දහමට සහ ගරුතර මහා සංඝරත්නයට සිදු කරන අපහාස සම්බන්ධයෙන් ද ජාතිවාදය ඉස්මතුවන ආකාරයේ මතවාද ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද කරුණු පෙන්වා දී ඇත.

අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් උන්වහන්සේගෙන් ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම ද සිදු කර තිබේ.

sajith 30
මහජන හඬ නියෝජිතයෝ ද මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවෙති

පොහොට්ටු පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ද පසුගියදා අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් සමග සාකච්ජා පවත්වා තිබිණ.

මේ අතර මහජන හඬ සංවිධානයේ විශේෂ නියෝජිත පිරිසක් ද දින කිහිපයකට පෙර මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ හමු විය.  

මෙම හමුව මහජන හඬ සංවිධානයේ ජ්‍යෙෂ්ඨයන් වන අනුර යාපා, උදය ගම්මන්පිල , ටිරාන් අලස්, ප්‍රේමනාත් දොලවත්ත, සුගිෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් සහභාගි වුහ.

වත්මන් ආණ්ඩුවෙන් බෞද්ධ ශාසනයට එල්ල වී ඇති අභියෝග සම්බන්ධව මේ පිරිස ද නාහිමියන් සමඟ දීර්ඝ වෙලාවක් සාකච්ඡාකර ඇත.

එහිදී මුරැත්තෙටිටුවේ නාහිමියන් ප්‍රකාශ කර ඇත්තේ, තමන් වහන්සේ ප්‍රමුඛ දෙස් විදෙස් මහා සංඝරත්නයේ දායකත්වයෙන් ලබන විසි වෙනදා කොළඹදී මහා පාද චාරිකාවක් පවත්වා සත්‍ය ක්‍රියාවක් පැවත්වීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා කිසිම දේශපාලනඥයෙකුට සහභාගි නොවන ලෙස මේ වන විටත් දන්වා ඇතැයිද උන්වහන්සේ පවසා තිබේ.

මෙස සංඟ පාගමන සම්බන්ධව විවිධ මඩ ප්‍රචාර ඇතැම් පිරිස් විසින් ගෙනයාමින් එය කඩාකප්පල් කිරීමට තැත් කරන බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මේ පාගමනේ කිසිදු දේශපාලනයක් නොමැති බවත් බුදු දහමට එල්ල වී ඇති අභියෝග සමිබන්ධව බෞද්ධයන් තුළ මතයක් ඇති කිරීම මෙහි එකම අරමුණ බවත් මුරුත්තෙටිටුවේ හිමියන් වැඩි දුරටත් සඳහන්කර ඇත.

මේ අතර ලබන විසි වෙනදා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇති පාද චාරිකාවට එරෙහිව ඇතැම් සංඝයා වහන්සේලා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටිති.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...