The Leader News
BREAKING
වාහන ගෙන්වීමට ඩොලර් ගියාට සංචිත ශක්තිමත් - රජය පවසයි●ගෘහස්ථ සූර්ය බලශක්තියට නව මාවතක්: පාරිභෝගිකයාට අත්වන ඉරණම !●ත්‍රස්ත විරෝධී කෙටුම්පතේ එකඟතා කඩවෙලා: සාලිය පීරිස්ගෙන් හෙළිදරව්වක්●රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●
Top Ad
පුවත්

'ඥානසාර හිමි තොරතුරු දුන් කතාව බොරු' - ජාතික බුද්ධි අංශ ප්‍රධානි

T

The Leader Desk

May 31, 2019 • 5:13 AM

'ඥානසාර හිමි තොරතුරු දුන් කතාව බොරු' - ජාතික බුද්ධි අංශ ප්‍රධානි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස තවදුරටත් මේ ගැන ප්‍රශ්න කරමින් විමසුවේ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහ්රාන් හෂීම් පිළිබඳව සහ ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බවට සිදු කරන ප්‍රකාශ ආරක්ෂක අමාත්‍යංශය හෝ ආරක්ෂක ලේකම්වරයා ප්‍රතික්ෂේප කර නොමැති බවය "මමත් පත්තරවලින් දැක්කා.
  • "බලධාරීන් දැනුවත් කළා" අන්තවාදී කණ්ඩායම් රහසේ සංවිධානය වෙමින් ප්‍රහාරයකට සූදානම් වන බව 2012 වසරේ සිට අදාළ බලධාරීන් දැනුවත් කළ බව මින් දින කීපයකට පෙර පැවති මාධ්‍ය හමුවක දී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසූහ.
  • සහරාන් ඇතුළු පිරිස මහා පරිමාණයෙන් බෝම්බ නිෂ්පාදනය කරන බව 2017 දී අපි දැනගත්තා." "දැනුවත් කරලා බැරිම තැන අපි 2017 කාත්තන්කුඩිවල පාරට බැහැල උද්ඝෝෂණ පැවැත්වූවා.
  • සහරාන් අත්අඩංගුවට ගන්න කියලා පෝස්ටර් ගැහුවා.
අකුරු ප්‍රමාණය (Font Size):


250 කට වැඩි පිරිසක් ඝාතනය කරමින් පාස්කු ඉරිදා (අප්‍රේල් 21) දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බදාදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අතර එහිදී ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් සාක්ෂි ලබාදෙමින් මේබව කියා සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී බුද්ධි අංශ දැනුවත් කළ බවට බොදු බල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙන්ම මුස්ලිම් මවුලවිවරුන් ද සිදු කළ ප්‍රකාශ ගෙන හැර දක්වමින් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් පැවසුවේ ඒ කිසිදු තොරතුරක් තමන්ට නොලැබුණු බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස තවදුරටත් මේ ගැන ප්‍රශ්න කරමින් විමසුවේ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහ්රාන් හෂීම් පිළිබඳව සහ ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බවට සිදු කරන ප්‍රකාශ ආරක්ෂක අමාත්‍යංශය හෝ ආරක්ෂක ලේකම්වරයා ප්‍රතික්ෂේප කර නොමැති බවය

"මමත් පත්තරවලින් දැක්කා. නමුත් මට කිසි කෙනෙක් මේ ගැන කියලා නැහැ. ඔවුන් කියන්නේ බලධාරීන්ට දැනුම් දුන්නා කියලා. ඒ ගැන ඊට එහා විග්‍රහයක් කර නැහැ," යන්න ජාතික බුද්ධි අංශ ප්‍රධානියාගේ පිළිතුර විය.

 107166682 gettyimages 1145732159 594x594                                                                                                             "බලධාරීන් දැනුවත් කළා"


අන්තවාදී කණ්ඩායම් රහසේ සංවිධානය වෙමින් ප්‍රහාරයකට සූදානම් වන බව 2012 වසරේ සිට අදාළ බලධාරීන් දැනුවත් කළ බව මින් දින කීපයකට පෙර පැවති මාධ්‍ය හමුවක දී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසූහ.

මේ අතර, සමස්ත ලංකා ඉස්ලාම් උපදේශකයෙක් වන කලීල් මවුලවිතුමා මාධ්‍ය අමතමින් පැවසුවේ "අපි බුද්ධි අංශවලට මේ ගැන දැන්වූවා නමුත් කිසිවක් වුණේ නැහැ" යනුවෙනි.

"මේ ගැන ප්‍රාදේශීය මුස්ලිම් නායකයන්ගේ ඉඳන් ඉහළට යනකම් හැම කෙනෙක්ම දැනගෙන හිටියා. ඒ වගේම බුද්ධි අංශ නිලධාරීන්ට මේ තිබෙන භයානක තත්වය පැහැදිලි කරලා දුන්නා. සහරාන් ඇතුළු පිරිස මහා පරිමාණයෙන් බෝම්බ නිෂ්පාදනය කරන බව 2017 දී අපි දැනගත්තා."

"දැනුවත් කරලා බැරිම තැන අපි 2017 කාත්තන්කුඩිවල පාරට බැහැල උද්ඝෝෂණ පැවැත්වූවා. සහරාන් අත්අඩංගුවට ගන්න කියලා පෝස්ටර් ගැහුවා. බැරිම තැන මම මුල්‍ය අපරාධ විමර්ශන අංශයට පවා මේ ගැන දැනුම් දුන්නා. නමුත් කිසිදෙයක් වුණේ නැහැ," කලීල් මවුලවිතුමන් පැවසූහ.

 3aab8859 karaka


ප්‍රහාර ගැන තොරතුරු ලබා දුන් බව පවසන කලීල් මවුලවිතුමා මෙන්ම ඥානසාර හිමියන් ද සාක්ෂිකරුවන් ලෙස කාරක සභාව ඉදිරියට කැඳවිය යුතු බව සභාවෙන් යෝජනාවක් ඉදිරිපත් විය. සිද්ධියට අදාළ යැයි සැලකෙන ඕනෑම පුද්ගලයෙකු කමිටුව ඉදිරියට කැඳවිය හැකි බව ඒ අවස්ථාවේ සභාපතිවරයා පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් මහජනතාවට ද කාරක සභාව වෙත තොරතුරු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබේ. මේ සඳහා යොමු කෙරෙන ලිපි කාරක සභාවේ ලේකම්වරයා වෙත ජුනි මස 07 වෙනි දින හෝ ඊට පෙර යොමු කළ යුතුය

කතානායක කරු ජයසූරිය විසින් 2019 මැයි 22 පත්කරන ලද විශේෂ කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ නියෝජ්‍ය කථානායක, ජේ එම් ආනන්ද කුමාරසිරි විසිනි.

අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ මහාචාර්ය ආශූ මාරසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, එම් ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරු මෙම විශේෂ කාරක සභාවේ සාමාජිකත්වය දරති.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මාධ්‍ය වෙත විවෘත වූ පළමු අවස්ථාව මෙයය.

විශේෂ කාරක සභාව ජුනි මස 04 වෙනි දින නැවත රැස්වීමට නියමිතය. 


(උපුටාගැනීම - බීබීසී සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...