The Leader News
BREAKING
වාහන ගෙන්වීමට ඩොලර් ගියාට සංචිත ශක්තිමත් - රජය පවසයි●ගෘහස්ථ සූර්ය බලශක්තියට නව මාවතක්: පාරිභෝගිකයාට අත්වන ඉරණම !●ත්‍රස්ත විරෝධී කෙටුම්පතේ එකඟතා කඩවෙලා: සාලිය පීරිස්ගෙන් හෙළිදරව්වක්●රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●
Top Ad
පුවත්

එජාප අපේක්ෂකයා ධම්මික ද ? : ඇත්ත-නැත්ත මංගල කියයි (වීඩියෝ)

T

The Leader Desk

May 31, 2019 • 7:25 AM

එජාප අපේක්ෂකයා ධම්මික ද ? : ඇත්ත-නැත්ත මංගල කියයි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ම අයකු බවත් ඇමතිවරයා පවසයි.
  • ඔහු එබව සඳහන් කර සිටියේ ITN රුපවාහිනියේ 'සංවාදය' වැඩසටහනට එක්වෙමිනි.
  • ඊයේ (30) රාත්‍රී පුරා පැය දෙකකට ආසන්න කාලයක් විකාශය වූ එම වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතා, 'ධම්මික පෙරේරා ඔබතුමන්ලගේ පොදු අපේක්ෂකයා වෙනවා'' දැයි කළ විමසීමේදී එබව පැවසු ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.
  • මොකද අවුරුදු 24 කට වැඩි කාලයක් එක්සත් ජාකික පක්ෂයේ ජනාධිපති කෙනෙකු ඉඳලා නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ම අයකු බවත් ඇමතිවරයා පවසයි.

ඔහු එබව සඳහන් කර සිටියේ ITN රුපවාහිනියේ 'සංවාදය' වැඩසටහනට එක්වෙමිනි. ඊයේ (30) රාත්‍රී පුරා පැය දෙකකට ආසන්න කාලයක් විකාශය වූ එම වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතා, 'ධම්මික පෙරේරා ඔබතුමන්ලගේ පොදු අපේක්ෂකයා වෙනවා'' දැයි කළ විමසීමේදී එබව පැවසු ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.

'' නැහැ මේකේ ඇත්තක් නැහැ. මොකද එකක් මම කියන්නම්. එක්සත් ජාතික පාක්ෂිකයන් මේ වතාවේ නම් ජනාධිපති අපේක්ෂකත්වයට ඉම්පෝර්ටඩ් බඩු දාන්න නම් ඉඩ තියන්නේ නැහැ. ඒක මම පැහැදිළිවම දන්නවා. මොකද අවුරුදු 24 කට වැඩි කාලයක් එක්සත් ජාකික පක්ෂයේ ජනාධිපති කෙනෙකු ඉඳලා නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය 94 දිනුවට පස්සේ මේ දක්වා ඒ අයට ඒ අවස්ථාව අහිමි වුනා.

ඒ නිසා අද පැහැදිළිවම අවුරුදු 24 කට පස්සේ ගමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයා බොහොම ආසාවෙන් උනන්දුවෙන් බලාගෙන ඉන්නේ තමන්ගේ කියලා ආපේක්ෂකයෙන් පත් කරගෙන තමන්ගේම ජනාධිපතිවරයෙක් ලබා ගන්න. මොකද ඇත්තෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයින් අවුරුදු 24 ක් තිස්සේ තාමත් විපක්ෂයේ වගේ..

මේ ගිය අවූරුදු පහ එක්සත් ජාතික පාක්ෂිකයන් ආණ්ඩුවේ හිටියත්, එක්සත් ජාතික පක්ෂයේ මූලික ආණ්ඩුවක් තිබුණත්, එක්සත් ජාතික පාක්ෂිකයන්ට ලැබිය යුතු සාධාරණය ලැබිලා නැහැ. ඇත්තවශයෙන්ම අවූරුදු 24 ක් විපක්ෂයේ ඉන්නවායි කියන්නේ බරපතල ප්‍රශ්නයක්. ඒ අයට රැකී රක්ෂාවක් හොයාගන්න තිබුනේ නහැ. ඒ අයට මාරුවක් හදාගන්න හැකියාවක් තිබුණේ නැහැ. සමෘද්ධිය ලබාදෙනකොට පක්ෂෙ නිසාම ඒවා ලබාදනකොට ඒ අයව එලියේ තියලා තේරුවේ.

මේ කටයුත්ත මේ කාලයේදීවත් හරියට නිවැරදි වුන නැති නිසා දැන් ඒ අය තමන්ගේ අපේක්ෂකයෙක් ඇරෙන්න, වෙනත් අයකු ගැන විශ්වාස කරන්නේ නැහැ.

අනිත් එක යූඑන්පී එක කියන්නේ පුදුම දක්ෂයන් ඉන්න පක්ෂයක්. ඒ නිසා මේ යූඑන්පී එකට එලියෙන් කොහෙද යන බිස්නස්කාරයෝ ඉම්පෝර්ට් කරන්න ඔනේ නැහැ, ගේන්න ඔනේ නැහැ. ඇත්ත වශයෙන්ම රටටම නායකත්වය දෙන්න පුළුවන් දක්ෂයෝ ඉන්නවා යූඑන්පීයේ.

ධම්මික පෙරේරාට ඕන නම් එන්න පුළුවන් වෙනම පක්ෂයකින්, ස්වාධීන කෙනෙක් හැටියට. මම කියන්නේ මම නම් දකින්නේ නැහැ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් හැටියට එන්න ඉඩක් තියෙනවා කියලා.''

 

ජනාධිපති වෙන්න 'සිහිනයක්' නැද්ද ?

''ඔබතුමාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරළියට එන්න කිවුවොත් ඔබතුමාගේ ප්‍රතිචාරය කුමක්ද? '' කියා මහේෂ් සේනානායක මහතා කල විමසීමේදී අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ පැවසිය.

''එහෙම ආරාධනාවක් කරන්නේ නැහැ. ඒක මම හොඳින් දන්නවා. මම දේශපාලනයට ආපු වෙලේ ඉඳන්ම මම බාරගත්තේ මම ඉල්ලපු දේවල් නෙවෙයි. නමුත් ලැබුන දේ නිවැරදිව කරන්න මම උත්සාහ කරා. අනිත් පැත්තෙන් මම කියන්න ඔනේ නොලැබෙන දේවල් පස්සේ යෑම මගේ සිරිත නෙවෙයි. මම ප්‍රායෝගික දේශපාලනයක් කරන්නේ. ඒ ප්‍රයෝගික දේශපාලනය යටතේ මට හොඳින්ම තේරෙනවා 2019 අන්තිමට එන ඡන්දේ අපි දිනන ඡන්දයක්.

ඔය කවුරු කෑගැහුවත් රාජපක්ෂලාට යලි වතාවක් මේ රට පාලනය කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. මට කියන්න පුළුවන් එකම දේ ගෝඨාභය ආවත් තව මොන එක්කෙනෙක් ආවත් අපි යූඑන්පීයේ ජනාධිපතිවරයෙක් මේ අවස්ථාවෙ පත්කර ගන්නවා ගන්නවා. ඒ දිනන ඡන්දයේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කර ගන්න අපි දැන් එක්සත් ජාතික පක්ෂය හැටියට සූදානම් වෙන්න ඔනේ.''

 

ජනාධිපති ගැන විශ්වාස ද ?

 ''ඔබ විශ්වාස කරනවාද වර්තමාන ජනාධිපතිතුමන් ඡන්දය කලට වේලාවට පවත්වාවි කියලා'' යයි මහේෂ් සේනානායක කල විමසීමේදී ඇමතිවරයා මෙසේ පැවසිය.

''මම විශ්වාස කරනවා, මම මුලින්ම කිවුවා වගේ එතුමා ඔක්තෝම්බර් 26 ප්‍රශ්නයේදී එතුමා නීතියට හිස නැමුවා. අනිවාර්යෙන්ම එතුමා කලට වෙලාවට ජනාධිපතිවරණය තියනවාය කියන එක පිළිබඳව මට ලොකු විශ්වාසයක් තියෙනවා.''

 

රට දියුණු කළ හැකි මග !

 සාකච්ජාව අවසාන මොහොතේදී මහේෂ් සේනානායක මෙසේ විමසිය.

''හොඳයි වැඩසටහන අවසන් කිරීමට මත්තෙන් මම කැමතියි ඔබතුමාට මේ අවසන් ප්‍රශ්නය යොමු කරන්න. ඇමතිතුමනි ඔබතුමා ජේෂ්ඨ දේශපාලඥයෙක් ඔබතුමා ක්‍රියාවෙන් ආදර්ශ දෙන පුද්ගලයෙක් කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමා කිවුවා මම ප්‍රැක්ටිකල් පොලිටීෂන් කෙනෙක් අපි ප්‍රායෝගිකව වැඩ කරන්න දන්නවා කියලා. හොඳයි මගේ අවසාන ප්‍රශ්නය තමයි ජ්‍යේෂ්ඨ දේශාපාලඥයකු ලෙස 2025 සහ 2030 දී ඔබ දකින රට කුමක්ද? ඔබතුමා විශ්වාස කරන නිර්මාණය විය යුතු ශ්‍රී ලංකාව කුමක්ද? 2025 සහ 2030හේ? ''

 ඊට ප්‍රතිචාර දැක්වූ ඇමතිවරයා මෙසේ පැවසිය.

''මම දකින්න ඔන රට ගැන තමයි මම දේශපාලනයට පිවිසුන දින ඉඳලම කතාකරේ. විශේෂයෙන් මේ රටේ ආර්ථික වශයෙන් දියුණු වූ, විශේෂයෙන් අපේ භූගෝලීය මර්මස්ථානය මුල්කරගත් ඇත්ත වශයෙන්ම ඉතාමත්ම දියුණු දූපතක් වෙයි කියලා. ඒ වගේම ජාත්‍යන්තරයේ තියෙන ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් හැටියට කටයුතු කරන රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

අපි ඉන්නේ ඒ මංසන්දියට ඇවිල්ලා. ඉතාමත්ම වේගවත් දියුණුවක් කරා යන්නත් පුළුවන් එහෙම නැත්නම් ජනතාව ඒ තීන්දු නිවැරදිව නොගත්තොත් ඇත්තවශයෙන්ම හැමදාම යුද්ධ කරන හැමදාම වෛරයෙන් ක්‍රොධයෙන් ජීවත්වන ඉතාමත්ම දිළිඳු රටක් බවට පරිවර්ථනය කර ගන්නත් පුළුවන්. ඒ නිසා මේ රටේ ජනතාව තීන්දු කරන්න ඔනේ කොයි මාර්ගෙද යන්න ඔනේ කියලා.''

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...