පීලි පැන ඇද වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් ජනතාව වෙහෙසෙන විට එසේ නොකර රට

ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

IMG 20231113 WA0044
ඔහු එබව කියා සිටියේ, 2024 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (නොවැම්බර් 13 සඳුදා) මුදල් අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

සුරංගනා කතා කියා රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් කාලයක් තිස්සේ දේශපාලන පක්ෂ ලබා දුන් ඡන්ද පොරොන්දු වල අවසන් ප්‍රතිඵලය රට බංකොළොත් වීම බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, අවාසනාවකට රටේ ඇතැම් කණ්ඩායම් තවමත් මෙම තත්ත්වය අවබෝධකරගෙන නොමැති බවත් පැවසීය.

IMG 20231113 WA0040
දේශපාලන අරමුණු වෙනුවෙන් මිත්‍යාව පැතිරීම නවත්වන ලෙස 2024 අය වැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළ අතර, දේශපාලනයට වඩා රට ගැන සිතා රට ඉහළටම ඔසවා තබන්නට සියලු දෙනා අවංකව කැපවන ලෙසද ඉල්ලා සිටියේය.

මෙම දුෂ්කර මාවතේ ඉදිරියට ගියහොත් නොබෝ කලකින් මීට වඩා යහපත් ආර්ථික පරිසරයක් නිර්මාණය කර ගත හැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා පසුගිය වසර දෙස හැරී බලන විට රට යන මාවත නිවැරදි  බව 100%ක්ම සනාථ වන බවද සඳහන් කළේය.

IMG 20231113 WA0041

මෙතෙක් පැමිණි ගමන් මගෙහි සිදුවූ අඩු පාඩු හඳුනා ගනිමින් ඒවා නිවැරදි කර ගැනීමට නිහතමානීව කටයුතු කරන බව 2024 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

 

උද්ධමන වේගය තනි ඉලක්කමක් දක්වා අඩුකර ගැනීමට හැකි වු නිසා අධි උද්ධමනකාරී විනාශයෙන් රට ගලවා ගැනීමට හැකි වූ බව 2024 අය වැය කතාව සිදු කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

 

බංකොලොත් රටක් යළි ප්‍රකෘතියට පත් කිරීම අතිදුෂ්කර ව්‍යායාමයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා බලය ගැනීමේ දේශපාලන අරමුණු මතින් ජනතාවට සහන ලබාදීමේ සිහින මාළිගා ඉදිකිරීමට ගියහොත් අවසානයේ රට යළිත් බංකොළොත් විය හැකි බවද පැවසිය.

මෙතෙක් පැමිණි ගමන් මඟේ සාර්ථකත්වයට හේතුව රජය ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හරහා 2022 දී මෙන් ආර්ථික අපායකට ඇද නොවැටි ඉදිරියට යාමේ පදනම සකසා ඇති බව ද සඳහන් කළේය.

විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු පාඩු ලබන රාජ්‍ය ආයතනවල පාඩුව පියවීමට රාජ්‍ය බැංකු වලින් දිගින් දිගටම ණය ලබාගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ තත්ත්වය හමුවේ එම බැංකු දුර්වල වී කඩාවැටීම වළක්වා ගැනීමට රජය විසින් ජනතා බදු යෙදවීමට සිදුව ඇති බවද පෙන්වා දුන්නේය.

මහා පරිමාණ අඩු වියදම් පුනර්ජනනීය බලශක්තිය ප්‍රධාන විදුලි ජාලයට එක් කිරීමට අවශ්‍ය සියලුම නීතිමය බාධක ඉවත් කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා අකාර්යක්ෂම විදුලිබල මණ්ඩලය කාර්යක්ෂම ආයතනයක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ නීති රීතිද මේ වන විට සම්පාදනය කෙරෙමින් ඇති බවද සඳහන් කළේය.

 

සෑම මසකම රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 93ක්, අස්වැසුම, ඖෂධ, විශ්‍රාම වැටුප් ඇතුළු මහජන සුබසාධනයට රුපියල් බිලියන 30ක්, ණය පොළී ගෙවීමට රුපියල් බිලියන 220ක් වශයෙන් ප්‍රධාන වියදම් 03ක් සඳහා පමණක් මාසිකව රුපියල් බිලියන 383ක් රජය වැය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

 IMG 20231113 WA0048

කාලයක් තිස්සේ සිදුවන බදු පැහැර හැරීම් ඇතුලු අඩු පාඩු සකස් කර ගැනීමේ යෝජනා ගණනාවක් මෙවර අයවැයට ඇතුළත් කර තිබෙන බවත් ඒ ඔස්සේ රාජ්‍ය ආදායම් වැඩිකරගත් විට අදට වඩා බදු සහන ලබාදීමට හැකිවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙතෙක් මෙරට ක්‍රියාත්මක වූ දේශපාලන සහ ආර්ථික සංකල්ප අසාර්ථක බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දේශපාලන ක්‍රමයත්, ආර්ථික ක්‍රමයත් මුළුමනින්ම කණපිට හරවා අලුත් ඇසකින් බැලිය යුතු බව පැවසීය.

මෙවර අයවැය රටේ අනාගතය නිර්මාණය කරන, වත්මන් ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට අනුකූල නව ආර්ථික පදනමක් දමන අයවැයක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ,  මැතිවරණ ජයග්‍රහණයට වඩා තමන්ට වැදගත් වන්නේ රටේ ජයග්‍රහණය බව අවධාරණය කළේය.

සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා පෙර වසරවල වැය කළ මුදල රුපියල් බිලියන 60ක් වුවත් 2024 වෙනුවෙන් ඒ සඳහා රුපියල් බිලියන 183ක් දක්වා තුන් ගුණයකින් ඉහළ නංවා තිබේ. 

පාරම්පරික ඉඩකඩම් අහිමි වූ ගොවි ජනතාවට එම ගොවි බිම්වල පුර්ණ පුද්ගලික අයිතිය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

IMG 20231113 WA0049
විමධ්‍යගත අයවැය වැඩපිළිවෙළ යළිත් ආරම්භ කරමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත රුපියල් මිලයන 11,250ක ප්‍රතිපාදන වෙන් කෙරෙන අතර ජාතික ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ එය ක්‍රියාවට නැංවේ.  

සංවර්ධන ව්‍යාපෘති අනුමත කිරීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වාදීම සහ නව ව්‍යාපෘති සමාලෝචනය සඳහා රාජ්‍ය කමිටුවක් ස්ථාපනය කිරීම. එම ක්‍රමවේදයට බැහැර කිසිදු ව්‍යාපෘතියකට රාජ්‍ය මුදල් වෙන් නොකෙරේ. 

පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කෙරෙන අතර එම ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්‍යාපනය පිළිබඳ ජාතික උසස් කවුන්සිලය, ජාතික උසස් අධ්‍යාපන කොමිසම, ජාතික නිපුණතා කොමිසම යන ආයතන පිහිටුවීමට නියමිතය. 

අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් ඒකාබද්ධ කර ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා 2024 වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 01ක් වෙන් කෙරේ.

ලොව පිළිගත් ඕනෑම අධ්‍යාපන ආයතනයකට මෙරට විශ්වවිද්‍යාල පිහිටුවීමට අවසර ලබාදෙන අතර පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම සඳහා ප්‍රබල නීති රීති මාලාවක් සම්මත කර ගැනීමට කටයුතු කිරීම. 

වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් ආදී ආයතන ඒකාබද්ධ කර ජාතික නිපුණතා කොමිෂම පිහිටුවීම.

අයවැය කතාව


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්