The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

'හරක් කටා නඩත්තුවට මහජන මුදලින් මසකට රුපියල් කෝටියක්?' - නීතිඥ උදුල් ප්‍රේමරත්න

T

The Leader Desk

October 21, 2025 • 2:35 PM

'හරක් කටා නඩත්තුවට මහජන මුදලින් මසකට රුපියල් කෝටියක්?' - නීතිඥ උදුල් ප්‍රේමරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න සඳහන් කරයි.
  • අවුරුදු 2යි මාස 8ක් කෝටිය බැගින් වියදම් කරලා.
  • නඳුන් චින්තක වික්‍රමරත්න ගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වී ඇතියි ද නීතිඥවරයා එහිදී අවධාරණය කර සිටියේය.
  • “නඳුන් චින්තක(හරක් කටා)"ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමි'' - Udul Premarathne මේ අතර නීතිඥ උදුල් ප්‍රේමරත්න සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් “නඳුන් චින්තක(හරක් කටා)"ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමි' යයි සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න සඳහන් කරයි.

* අවුරුදු 2යි මාස 8ක් කෝටිය බැගින් වියදම් කරලා.

* කාගෙ උවමනාවට ද එහෙම කරන්නෙ?

* එක නඩුවක් අවුරුද්දකින් ඉල්ලා අස්කරගෙන, ඒකටම තව නඩුවක් දාල. ඒක කවද්ද ඉවර වෙන්නෙ?

නීතිඥ උදුල් ප්‍රේමරත්න මේ බව සඳහන් කර සිටියේ,  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති වෙත අද (21) දිනයේ ලිපියක් ඉදිරිපත් කරමිනි.

නඳුන් චින්තක වික්‍රමරත්න ගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වී ඇතියි ද නීතිඥවරයා එහිදී අවධාරණය කර සිටියේය.

නීතිඥ උදුල් ප්‍රේමරත්න විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද සම්පූර්ණ ලිපිය මතු පළවේ.

0001 nadun

0002 nadun

0003 nadun
“නඳුන් චින්තක(හරක් කටා)"ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමි'' - Udul Premarathne

he565
මේ අතර නීතිඥ උදුල් ප්‍රේමරත්න සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් “නඳුන් චින්තක(හරක් කටා)"ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමි' යයි සඳහන් කර ඇත.

එම සටහනේ මෙසේද සඳහන් වේ.

සංවිධානාත්මක අපරාධකරුවකු හා බරපතළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක නොහොත් 'හරක් කටාගේ මානව හිමිකම්' වෙනුවෙන් සමාජ මාධ්‍ය වල පෝස්ටුවක් පළකලේ ඇයිදැයි බොහෝදෙනා මගෙන් ඇසූහ.

පහත සඳහන් "තොරතුරු " පමණක් නීතිඥවරයකුද ලෙස වගකීමකින් යුතුව ඔබ හමුවේ තබමින් විනිශ්චය ඔබට භාර කරමි.

අත් අඩංගුවට ගැනීම :

ගල්කිස්ස ම.උ. හි පවතින අධිකරණ භූමිය තුළ වෙඩි තැබීමකට අධාර අනුබල ලබාදීමේ නඩුව(B 5269/22) ට අදාළව ලබාගෙන තිබූ රතු වරෙන්තුවක් මත මැඩගස්කර් හිදී 2023.මාර්තු.15 දින අතඩංගුවට ගන්නා ලදී.

රඳවා ගැනීම :

1- ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ (PTA) හි 9(1) වගන්තිය යටතේ මාස 3 බැගින් වන රැඳවුම් නියෝග (සාමාන්‍ය DO) ලබාගෙන එහි උපරිම කාලය වන 'වසර 1ක' කාලයක් CID හි 'මහජන පැමිණිලි අංශයේ' රඳවා ගෙන ප්‍රශ්න කරන ලදී.

2- එම විමර්ශන වලින් අනතුරුව CID හි මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා විසින් "සැකකරු විශයෙහි ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්දතා අනාවරණය නොවීම හේතුවෙන් "තවදුරටත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා රැදවුම් නියෝග දීර්ඝ කල නොහැකි නිසා 'නදුන් චින්තක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට' CID භාර නියෝජ්‍ය පොලිස්පතිගෙන් අවසර ඉල්ලා සිටින ලදී.

කවර හෝ හේතුවකට එම ඉල්ලීමට අවසර නොලැබුනි.

3- පොලිස්, පොලිස් විශේෂ කාර්‍යබලකා නිලධාරීන් 1000කට වැඩි ප්‍රමාණයක් නිරතුරුව ගැවසෙන, සුප්‍රසිද්ධ 4 වන තට්ටුව හෙවත් CID මූලස්ථානයෙන් 'රවිදු සංදීප' නම් එකම එක පොලිස් කොස්තාපල් වරයෙකුගේ සහය ඇතිව 'පැන යාමට' තැත්කිරීමේ චෝදනාවක් 2023.සැප්තැම්බර්.10 දින නදුන් චින්තකට එල්ල වූ අතර එම චෝදනාවට HC/4834/24 දරන නඩුව පවරන ලද අතර ඊට අදාලව එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න විසින් ඉතිහාසයේ මෙතෙක් කිසිදු භයානක LTTE සැක කරුවෙකුටවත්, වසර 30ක යුද සමයේ හෝ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ භාවිතා නොකල, එහි 15(අ) වගන්තිය යටතේ "නඩු විභාගය අවසන් වනතුරු රඳවා තබා ගැනීමට නියම කිරීමේ" නියෝගයට අත්සන් තබන ලදී.

4- ඉහතකී 4 වන තට්ටුවේ නඳුන් චින්තක රැඳවුම් නියෝග මත රඳවා සිටීමේදී ඔහුගේ ආරක්ශාව පිලිබද ඔහුගේ නීතිඥයන් විසින් ගරු අධිකරණයෙන් කරන ලද ඉල්ලීම් වලට අදාලව "නදුන් චින්තක තමන් භාරයේ සිටින්නේ පැය 24 පුරාම CCTV අධීක්ෂණය යටතේ බව" CID ය විසින් ගරු අධිකරණයට ලිඛිතව දන්වා තිබූ නිසා ඉහත කී නඩුව පුරාම නදුන් චින්තක ගේ නීතිඥයන් විසින් 'නදුන් චින්තක CIDයේ ඔහුව රදවා සිටි 4වන තට්ටුවෙන් පැනයාමට උත්සාහ කල අවස්තාවේ CCTV දර්ශන' උසාවියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින ලදී.

ඒවා ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා හා 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ සංශෝධනයේ 15(ආ) වගන්තිය අනුව "රැදවුම් භාරයේ සිටින තැනැත්තෙකු අත් අඩංගුවට ගත් දින සිට වසරක කාලයක් තුළ ඔහුට එරෙහි "නඩු විහාගය" ආරම්භ කර නොමැතිනම් ඔහු ඇප මත මුදාහැරිය යුතු බවට දක්වා ඇති නිසා ඉහත කී HC 4834/24 දරන නඩුව වසරක් ගතවීමට පෙර ඉල්ලා අස්කර ගන්නා ලද අතර එම චෝදනාවටම ,එම අධිකරණයේම HC 5447/25 දරන නඩුව පවරන ලදී !!

මුල් අවස්ථාවේදී නව ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් 'සම්පත් තුයියකොන්තා' මහතා එම නව නඩුවට අදාළව ඉහත කී 15(අ) වගන්තිය යටතේ රැදවුම් නියෝගයට අත්සන් නොකළ නමුත් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ බලවත් ඉල්ලීම මත ඔහුද "නඩු විභාගය අවසන් වනතුරු රඳවා තබා ගැනීමේ නියෝගයට" අත්සන් කල නිසා නඳුන් චින්තක මේ වනවිට,

වසර 2 යි මාස 8 ක් හෙවත්,
මාස 32 ක් හෙවත්,
දින 960 ක් හෙවත්,
පැය 23,000 ක්
රැඳවුම් නියෝග මත TID " රැඳවුම් භාරයේ " සිටී.


චෝදනා :
මෙම මුලු කාලය පුරාම, පැය 24 පුරාම ලංකාවේ සිටින පුහුණුවෙන් ඉහළම විමර්ශකයින් වන CID හා TID නිලධාරීන් ගේ ප්‍රශ්න කිරීම් වලට ලක් කළද ඔහුට එරෙහිව එකදු මත්ද්‍රව්‍ය ග්‍රෑමයක් පිළිබඳ හෝ ආයුදයක් පිළිබඳ හෝ අපරාධයක් පිළිබඳ නඩුවක් අලුතින් ගොනු කිරීම තබා චෝදනාවක් එල්ල කිරීමට කටයුතු කර නොමැත!!

රඳවා තබා ගන්නා ආකාරය :

* TID රැඳවුම්මධ්‍යස්ථානයක් ලෙස ගැසට් කර ඇති 'තංගල්ල පැරණි බන්ධනාගාරයේ' ඔහු රඳවා සිටින අතර එම බන්ධනාගාරයටම රැදවියකුට සිටින්නේ ඔහු පමනි.

* අක්කර 3ක් පමණ විශාල එම බන්ධනාගාරයේ අඩි 12 යි 12 කූඩුවක් තුළ දිනකට පැය 3කට පමණක් ව්‍යායාම කිරීමට එළියට ගෙන ඉතිරි පැය 21 ම සිර කර සිටී.

* කිසිදු ආකාරයක සන්නිවේදන උපකරණ නොමැත.TV, ගුවන් විදුලි තබා පුවත්පතක්වත් ලබා නොදේ.ලිවීමට පෑනක් හෝ කොලයක්වත් ලබා නොදේ.ඔහු වසර 1යි මාස 8කින් තම දරුවා හා බිරිඳ දැක හෝ කථා කොට නැත.

* ආරක්ෂක රාජකාරිවල නියුතු කිසිවෙකුට ඔහු සමග කතා කිරීමට තහනම් ය. ආහාර ලබාදීමට පැමිණෙන තැනැත්තාගෙන් ඔහු බලාපොරොත්තු වන්නේ ආහාර නොව ඔහු සමග වචනයක් කතා කිරීමකි.නමුත් ඔහු සමග යමක් කතා කරන ලෙස ඉල්ලා කෑ ගසද්දී අදාළ තැනැත්තා ආහාර ලබාදී නිහඬ ව හැරී යයි!

* පැය 24 පුරාම ඔහුගේ කුටිය තුළට CCTV කැමරා යොමුව පවතී.

* ඔහු වෙනුවෙන් යොදවා ඇති STF නිලධාරීන් ගණන 24 කි.පොලිස්,TID නිලධාරීන් ගණන 63 කි. ඒ අනුව මුළු නිලධාරීන් ගණන 87 කි.

ඔවුන්ට වැටුප්, ආහාර, ජල විදුලි බිල්පත් සැලකූ විට මසකට මෙම රඳවා තබාගැනීමට මසකට රුපියල් කෝටියකට වඩා මහජන මුදල් වැය වේ !!
( දැනට මාස 31ක් රඳවා සිටින අතර තවත් ඉදිරියට රඳවා සිටින කාලය නිශ්චිත නැත)

# වසර 2යි මාස 8ක් විමර්ශන කටයුතු සිදු කල ද ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට අනාවරණය නොවී, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දැනටත් ,තවත් නිශ්චිත නොවන ඉදිරි කාලයකටත් නඳුන් චින්තක රඳවා තබා ගන්නේ කෙසේද ?

අනික් අතට අධික මහජන මුදලක් ද වැයකොට එසේ රඳවා තබා ගැනීමේ තේරුම කුමක් ද ?

# අත් අඩංගුවට පත්වූ 2023 වසරට පෙර පොලිස් මාද්‍ය ප්‍රකාශකවරයින් එකල අත් අඩංගුවට ගත් සියලු මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොග "හරක් කටා"ට අයත් බව හා එකල සිදුවූ වෙඩි තැබීම් ගණනාවක් ඔහු විසින් සිදු කල බව  ප්‍රකාශ කල ද, අත් අඩංගුවට ගෙන වසර 2යි මාස 8ක් තිස්සේ පූර්ණ කාලීනව රඳවා තබාගෙන විමර්ශන සිදුකල ද කිසිදු මත්ද්‍රව්‍ය හෝ වෙනත් අපරාධ සම්බන්ධ  නඩුවක් අලුතින් ගොනු කිරීමට, CID ය සහ TID ය අසමත් වී ඇත !

# එපමනක් නොව දැනටත් නඳුන් චින්තකට බරපතළ ගණයේ චෝදනා ලෙස පවතින්නේ මනුෂ්‍ය ඝාතනයකට අධාර අනුබල දීම පිළිබඳ නඩු 1ක් හා මත්ද්‍රව්‍ය 7.32 g ක  ප්‍රමාණයක් ලගතබාගැනීම පිළිබඳ නඩු දෙකක් පමණි.මෙතරම් මහජන මුදලක් එනම් මසකට රුපියල් කෝටියකට අධික මුදලක් වැය කරමින් නඳුන් චින්තක රඳවා තබා ගනිමින් CID ය සහ TID ය මාස 31 ක් තිස්සේ සිදු කර ඇත්තේ ඉහත කී නඩු දෙක ඇතුළු තවත් නඩු කීපෙකට සහ පැනයාමට උත්සාහ කල බව කියන කිරිටොපි නඩුවට උසාවි වලට රැගෙන යාම- ඒම පමණි !

* කරුණු මෙසේ තිබියදී , ඔහුව මේ ආකාරයෙන් අධික නිහඬ තාවයක ගිල්වා තැබීම  හා මනුෂ්‍ය ඇසුරකින් තොරව රඳවා තැබීම නිසා ඉතාම දරුණු තත්වයේ මානසික අවපීඩන තත්වයකට ලක්ව සිටී.

ඉතාමත් දීර්ඝ කාලයක් එලෙස රඳවා ගැනීමත් තවදුරටත් එලෙස රැඳී සිටිය යුතු කාලය පිළිබඳ අදහසක් නොවීමත් මත එම තත්වය ඉතා දරුණු වී තිබේ.


යම් පුද්ගලයකු යම් වරදක් සිදු කර ඇත්නම් සාධාරණ නඩු විභාගයකින් පසු ඊට නියමිත දඬුවම ලබාදීම ශිෂ්ට රාජ්‍යක ලක්ශනයකි.එසේ නොමැතිව 'ඔප්පු කර ගත නොහැකි නඩු පවරා' නඩුව ඔප්පු කර ගත නොහැකි නිසා නීතියේ ප්‍රතිපාදන අවභාවිතා කර ජීවිතේ එපා වනතුරු "රැදවුම් භාරයන්හි "තබා සිය දිවි නසාගන්නාතෙක් බලාසිටීම අශිෂ්ට රාජ්‍යක ලක්ෂණයකි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'හරක් කටා නඩත්තුවට මහජන මුදලින් මසකට රුපියල් කෝටියක්?' - නීතිඥ උදුල් ප්‍රේමරත්න | The Leader