The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රගේ නීතිඥභාවය අහෝසි කරන්නැයි ඉල්ලීමක්

T

The Leader Desk

October 21, 2025 • 3:26 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රගේ නීතිඥභාවය අහෝසි කරන්නැයි ඉල්ලීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බවට චෝදනා කරමින් වහා ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නව ජනතා පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
  • තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල වී තිබේ.
  • නාරාහේන්පිට ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමියක වෙසෙන අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම අත්හිටුවන ලෙස ප්‍රදේශයේ නියෝජිතයෙකු කරන ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඇය මේ අදහස් පළ කළා ය.
  • කෙසේ වෙතත්, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල එම අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

බවට චෝදනා කරමින් වහා ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නව ජනතා පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, අද දින (ඔක්: 21) නව ජනතා පෙරමුණේ කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර, කොලොන්නාව ආසන ක්‍රියාකාරී ජයසිංහ නමැත්තෙක්, සීතාවක ප්‍රා‍දේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර සහ රත්මලාන ආසනයේ පිරිවෙන කොට්ඨාස සංවිධායක සමන් රණතුංග අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීමක් කළ බව ය.

ලක්මාලි හේමචන්ද්‍ර පැවසුවේ කුමක් ද?

තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල වී තිබේ.

නාරාහේන්පිට ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමියක වෙසෙන අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම අත්හිටුවන ලෙස ප්‍රදේශයේ නියෝජිතයෙකු කරන ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඇය මේ අදහස් පළ කළා ය.

එහිදී ඇය පැවසුවේ, "එදා අපි කතා කළානේ මේ ප්‍රශ්නෙ. මං එතකොටත් කිව්වනේ ඒගොල්ලන්ට විරුද්ධව අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා, ඒගොල්ලන්ට යන්න තැනක් නැති හින්ද කියල. එදා අපි එහෙම එකඟතාවකට ආව නේද?" යනුවෙනි.

කෙසේ වෙතත්, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල එම අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය.

"නෑ මෙහෙමයි, අධිකරණ තීන්දුවක් තියෙනවා නම් ඒකෙ ප්‍රොසීඩ් එක පිළිබඳව අපි මැදිහත් වෙන්නෙ නෑ."

ඔහු ප්‍රකාශ කළේ, "අධිකරණ තීන්දුවට නිසි ගෞරවය ලබා දෙන" අතර, අදාළ පවුල්වලට රජයේ ප්‍රතිපත්තිය අනුව මහල් නිවාස ලබා දෙන තුරු "අදාළ නිවෙස්වල රැඳී සිටීමට අවස්ථාවක් ලබා දිය හැකි නම් එය සලකා බලන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නීති නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන" ලෙස ය.

 'නීතිය ක්‍රියාත්මක කරන්න'

අධිකරණ සේවා කොමිසමට ලිපියක් භාර දීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර ප්‍රකාශ කළේ, "පහුගිය තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර රාජ්‍ය ආයතනයකින් ලබා ගත් නඩු තීන්දුවක් නොසලකා හැර කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති," බව යි.

"මේ මාලිමා ආණ්ඩුව උත්සහ කරනවා දැන් ඒක සාධාරණිකරණය කරන්න ඒක පරිපාලනමය කටයුත්තක් කියලා."

"රටේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර කියන්නෙ, ලක්මාලි මන්ත්‍රිතුමිය අධිකරණයට අපහාස කරල නෑ, එතන වෙලා තියෙන්නේ පරිපාලනමය සාකච්ඡාවක් විතර යි කියලා. නමුත් අපි එතුමාට මතක් කරන්න කැමති මේ වන විට දඬුවම් ලබන ආගමන විගමන පාලක හර්ෂ ඉළුක්පිටිය ද සිදු කර ඇත්තේ අධිකරණ තින්දුවක් පරිපාලනමය තීන්දුවක් නිසා ක්‍රියාත්මක නොකිරීම කියලා. ලක්මාලි මන්ත්‍රිතුමිය විසින් එම නඩු තීන්දුව ක්‍රියාත්මක නොකරන ලෙස රාජ්‍ය නිලධාරින්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමෙන් අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වන්නේ මාලිමා නොවන විපක්ෂයේ සාමාජිකයින්ට විතර යි ද කියලා."

ලක්මාලි හේමචන්ද්‍ර වෙනුවෙන් ගනු ලබන තීරණය සම්බන්ධව අවධානයෙන් සිටින බවත්, ලක්මාලි හේමචන්ද්‍ර වහා ම අත්අඩංගුවට ගත යුතු අතර ඇයගේ නීතිඥභාවය අහෝසි කිරීමට පියවර ගත යුතු බවත් නව ජනතා පෙරමුණ අවධාරණය කරයි.

"අධිකරණ සේවා සභාව විසින් මේ සම්බන්ධව ගනු ලබන තීරණය දෙස මුළු රට ම සිටින බවත්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර අධිකරණයට කළ අපහාසය වෙනුවෙන් නඩු පැවරීමට බලාපොරොත්තු වන," බව නව ජනතා පෙරමුණ පවසයි.

මීට පෙර, අධිකරණයට අපහාස කිරීම නිසා එස්.බී. දිසානායක, රන්ජන් රාමනායක වැනි දේශපාලඥයින්ට සිර දඬුවම විඳීමට සිදුවිය.

cvgjrtuyrt| ලක්මාලි හේමචන්ද්‍රට විරුද්ධව නව ජනතා පෙරමුණෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාව

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රගේ නීතිඥභාවය අහෝසි කරන්නැයි ඉල්ලීමක් | The Leader