The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

ඉන්දීය හමුදාව විසින් මරා දමන ලද රෝහල් කාර්ය මණ්ඩලයක් සැමරේ

T

The Leader Desk

October 22, 2025 • 3:50 AM

ඉන්දීය හමුදාව විසින් මරා දමන ලද රෝහල් කාර්ය මණ්ඩලයක් සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය සාම සාධක හමුදාවේ යාපන ශික්ෂණ රෝහල් සංහාරයේ 38 වැනි අනුස්මරණය 2025 ඔක්තෝබර් 21 වැනි අගහරුවාදා රෝහලේදී පැවැත් වු අතර මිය ගිය පිරිස අනුස්මරණය කරමින් මලින් පහනින් ඔවුන්ට උපහාර දැක්වීමට රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිස කටයුතු කර තිබේ.
  • සාම සාධනය සඳහා යැයි රජයේ ආරාධනයෙන් පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් සමූහ ඝාතන මාලාවක්ම සිදු කර ඇත්තේ 1987 ඔක්තෝබර් මාසයේය.
  • ඔක්තෝබර් 21 වැනිදා ලුතිනන් ජෙනරාල් දිපේන්ද්‍ර සිං ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය සාම සාධක හමුදා භට පිරිස් යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී සිදු කළ වෙඩි ප්‍රහාරයෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ 21 ක් සහ ප්‍රතිකාර ලබමින් සිටී රෝගීන් 47 ක් ඇතුළු 68 දෙනකු මරා දැමිණි.
  • පරිමලර් වෛද්‍යවරු තිදෙනාත්, ආර්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දීය සාම සාධක හමුදාවේ යාපන ශික්ෂණ රෝහල් සංහාරයේ 38 වැනි අනුස්මරණය 2025 ඔක්තෝබර් 21 වැනි අගහරුවාදා  රෝහලේදී පැවැත් වු අතර මිය ගිය පිරිස අනුස්මරණය කරමින් මලින් පහනින් ඔවුන්ට උපහාර දැක්වීමට රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිස කටයුතු කර තිබේ.

ඝාතනයට ලක් වු නිරායුද වැසියන්ගේ පවුල් වල සාමාජිකයන් කිහිපදෙනකුද එම අවස්ථාවට එක්ව සිටියේ  හැඬු කඳුලින් යුතුවයි.

සාම සාධනය සඳහා යැයි රජයේ ආරාධනයෙන් පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් සමූහ ඝාතන මාලාවක්ම සිදු කර ඇත්තේ 1987 ඔක්තෝබර් මාසයේය.

1987 ඔක්තෝබර් 21 වැනිදා ලුතිනන් ජෙනරාල් දිපේන්ද්‍ර සිං ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය සාම සාධක හමුදා භට පිරිස් යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී සිදු කළ වෙඩි ප්‍රහාරයෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ 21 ක්  සහ ප්‍රතිකාර ලබමින් සිටී රෝගීන් 47 ක්  ඇතුළු 68 දෙනකු මරා දැමිණි.

ඉන්දීය හමුදා විසින් මරා දැමුවන් අතර ඒ. සිවපාදසුන්දරම්, එම්.ජේ.ගනේෂරත්නම් සහ කේ. පරිමලර් වෛද්‍යවරු තිදෙනාත්, ආර්. රාමනාදන්, සිවපාතියම්  සහ ලීලාවතී හෙදියන් තිදෙනාත්, දුරකථන ක්‍රියාකරු කනගලිංගම්, වැඩ සුපරික්ෂකයන් වූ ආර්.ක්‍රිෂ්නරාජ්, කේ. සෙල්වරාජ් සහ වී. ෂන්මුගලිංගම් නම් ගිලන් රථ රියදුරා ද වුහ.

රෝහල් ප්‍රහාරය ඇතුළු ඉන්දීය සමූහ ඝාතන සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ හානියට පත් වුවන්ට වන්දි ගෙවීමක් හෝ ගෙවී ගිය තිස් අට  වසර තුලදී පෝක් සමුද්‍ර සන්ධිය දෙපස කිසිදු ආණ්ඩුවකින් සිදුවී නැත.

ඉන්දීය හමුදා විසින් 1989 අගෝස්තු මාසයේ දී දරුවන්, ගැහැනුන් හා වැඩිහිටියන් ඇතුළු හැටකට වැඩි පිරිසක් මරා දැමීම සම්බන්ධයෙන් වැල්වැටිතුරේ පුරවැසි කමිටුව ඉකුත් සතියේ ආණ්ඩුවෙන් රුපියල් බිලියන පහක වන්දි ඉල්ලා සවිස්තර ලේඛනයක් හානිපුර්ණ කාර්යාලයට ලබාදී තිබේ.

jaffna 10.22

සබැඳි පුවතක් :

ඉන්දීය හමුදා උතුරේ කළ අපරාධයකට ලංකාවේ ආණ්ඩුවෙන් කෝටි ගණනක වන්දි ඉල්ලයි

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...