The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

'කොළඹ ප්‍රධාන පාසලක දරුවෝ තිදෙනෙක්ට ලිංගික හිංසා' - විපක්ෂනායක

T

The Leader Desk

October 22, 2025 • 7:52 AM

'කොළඹ ප්‍රධාන පාසලක දරුවෝ තිදෙනෙක්ට ලිංගික හිංසා' - විපක්ෂනායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදුහල්පතිවරයා සහ ආචාර්යවරුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බව පැවසූ විපක්ෂ නායකවරයා අපයෝජනයට ලක්වූ එම දරුවන් වෛද්‍යවරයෙකුට පවා ඉදිරිපත් කර නැති බව සඳහන් කළේය මෙම අපයෝජනය කළ පාපතරයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයිද ඔහු කීවේය.
  • ගුරුවරුන් දෙදෙනෙකු මේ සිද්ධිය ගැන විදුහල්පතිවරයාගේ අවධානයට යොමු කළ අවස්ථාවේදී ඔහු ඔවුන්ට තර්ජනය කර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් උසාවි ගාණේ රස්තියාදු වේවි යැයි පවසමින් මවුපියන් බිය ගැන්වීමක්ද එහිදී සිදුවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
  • මේ සම්බන්ධයෙන් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමටද කැඳවීමක් තිබෙන බව ඔහු කීවේය.
  • මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ දරුවන්ට සිදුවන හිංසනවලට එරෙහිව රජය දැඩිව කටයුතු කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


විදුහල්පතිවරයා සහ ආචාර්යවරුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බව පැවසූ විපක්ෂ නායකවරයා අපයෝජනයට ලක්වූ එම දරුවන් වෛද්‍යවරයෙකුට පවා ඉදිරිපත් කර නැති බව සඳහන් කළේය

මෙම අපයෝජනය කළ පාපතරයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයිද ඔහු කීවේය.

 

ගුරුවරුන් දෙදෙනෙකු මේ සිද්ධිය ගැන විදුහල්පතිවරයාගේ අවධානයට යොමු කළ අවස්ථාවේදී ඔහු ඔවුන්ට තර්ජනය කර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් උසාවි ගාණේ රස්තියාදු වේවි යැයි පවසමින් මවුපියන් බිය ගැන්වීමක්ද එහිදී සිදුවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

මේ සම්බන්ධයෙන් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමටද කැඳවීමක් තිබෙන බව ඔහු කීවේය.

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුවා සේම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද සජිත් ප්‍රේමදාස පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්නැයිද විපක්ෂ නායකවරයා මෙහිදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ දරුවන්ට සිදුවන හිංසනවලට එරෙහිව රජය දැඩිව කටයුතු කරන බවයි.

 

දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා මේ කාරණය ගැන පොලිසියේත් අධ්‍යාපන අමාත්‍යාංශයේත් විශේෂ අවධානය යොමුවී ඇතැයි සඳහන් කළේය

මෙවැනි සිදුවීම් රජය සුළු කොට නොතකන බවද ඔහු සඳහන් කළේය.

එසේම මෙවැනි සිද්ධීන් දරුවන් අපහසුතාවයට පත් නොවන ආකාරයට වාර්තා කිරීමට මාධ්‍යයටද වගකීමක් තිබෙන බව නලින්ද ජයතිස්ස වැඩි දුරටත් පැවසීය.

| lankadeepa

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...