පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ප්‍රාදේශීය සභාව තුළට ඇතුළු වූ පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ සභාපතිවරයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
මිය යන විට ඔහු 38 වැනි වියේ පසුවිය.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
ලසන්ත වික්‍රමසේකර යනු කවුද?
ලසන්ත වික්‍රමසේකර පළමුවරට වැලිගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වන්නේ පසුගිය මැයි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජනබලවේගයෙන් තරග කරමිනි.
පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයක් වැලිගම ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමි කර නොගැනීම නිසා පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන ලද විවෘත ඡන්ද විමසීමකින් ලසන්ත වික්‍රමසේකර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත්විය.
ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවති අවස්ථාවේදී, ලසන්ත වික්‍රමසේකර ඡන්ද 23ක් ලබා ගත්තේය.
සභාපති ධුරය සඳහා තරග කළ ජාතික ජන බලවේගයේ (NPP) සභිකයාට ලැබී තිබුණේ ඡන්ද 22ක් පමණි.
විපක්ෂයේ සභික පූජ්‍ය දෙනගම රාහුල හිමි ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්විය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වූ ඡන්දය විවිධ ගැටලු හේතුවෙන් කිහිප වතාවක් ප්‍රමාද විය.
'එතුමා ප්‍රාදේශීය සභාවේ සභාපති වෙන කොට ඇතුළේ නොයෙක් කලබල ඇතිවුණා'
මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ සමගි ජනබලවේගය නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරමින් පැවසුවේ මහජන දිනය පවත්වන අතරතුර වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයාට වෙඩි තැබීම බරපතළ තත්ත්වයක් බවයි.
මීට සුලු මොහෙතකට පෙර වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට සභාව තුළ මහජන දිනය පවත්වන අවස්ථාවේ වෙඩි තබා ඇති බවත් එතුමාගේ රාජකාරිය ඉටු කරන විට සිදු කරන ලද මේ වෙඩි තැබීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මේ සභාපතිවරයා යනු මහජන නියෝජිතයකු බවත් මහජන නියෝජිතයන්ට පවා මහජන දිනය පවත්වාගෙන යන්න බැරි නම් එය ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ, පොලිසිය මෙම සිද්ධිය ගැන විමර්ශන කරමින් පවතින බවයි.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරි පැය කිහිපය තුළ මෙම විමර්ශන ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනු ඇතැයි ඔහු සඳහන් කළේය.
මේ අතර, අද (ඔක්තෝම්බර් 22 වැනිදා) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමගි ජනබලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මෙම වෙඩි තැබීම ගැන අදහස් පළ කළේය.
"අද රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නය කොච්චර බැරෑරුම් ද කිව්වොත් අපේ පක්ෂයේ නොබෝදා ජනතා ඡන්දයෙන් තේරී පත්වෙච්ච වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාට කාර්යාලට ඇවිල්ල වෙඩි තියලා තියෙනවා"
"අපිට මතකයි එතුමා ප්‍රාදේශීය සභාවේ සභාපති වෙන කොට ඇතුළේ නොයෙක් කලබල ඇතිවුණා. මැරකල්ලි ඇවිල්ලා එතුමා සභාපති වෙනවාට විරුද්ධව කටයුතු කළා. මන්ත්‍රීවරු අතුරුදන් වුණා. ඉතින් එවැනි වාතාවරණයක් යටතේ තමා මේ සභාපතිවරයාට වෙඩි තියලා තියෙන්නේ."
"අද රටේ ජාතික ආරක්ෂාව විශාල ප්‍රශ්නයක්. මේ රජය යටතේ මේ අවුරුද්ද ඇතුළත විතරක් මෙවැනි සිද්ධි 100කට වඩා වෙලා තියෙනවා. 50කට වැඩිය ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා." යැයි ඔහු සඳහන් කළේය.
"රටේ ආරක්ෂාව සම්බන්ධව විශාල ප්‍රශ්නයක් මෙතන මතුවෙනවා."
සමගි ජනබලවේගය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ වික්‍රමසේකර වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ධූරයට පත්වූ දිනයේදී ද නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බවයි.
"ඇතුළේ ගහ ගත්තා, දෙතුන් සියයක් සෙනඟ ගෙනවා. මන්ත්‍රීවරු අතුරුදන් වුණා. රජය මං හිතන්නේ ආරක්ෂාව සම්බන්ධ වගකීම භාර ගන්න ඕනේ කියලා මං මෙතන ප්‍රකාශ කරනවා." යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
(උපුටා ගැනීම් | බීබීසී සිංහල )
වැලිගම ප්‍රා.ස සභාපති වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
T
The Leader Desk
October 22, 2025 • 5:52 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ප්‍රාදේශීය සභාව තුළට ඇතුළු වූ පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි.
- වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ සභාපතිවරයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
- මිය යන විට ඔහු 38 වැනි වියේ පසුවිය.
- වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



