The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය සාධාරණිකරණය කල පොලිස් ඇමතිගේ ප්‍රකාශයට විරෝධය

T

The Leader Desk

October 23, 2025 • 4:00 AM

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය සාධාරණිකරණය කල පොලිස් ඇමතිගේ ප්‍රකාශයට විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඔක්තොම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ ප්‍රකාශය මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයට ලක්වෙමින් තිබේ.
  • එම ප්‍රකාශය එම ඝාතනය අනියමින් අනුමත කිරීමක් බවට ආණ්ඩුවට සහය දක්වන ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ද අදහස වී ඇත.
  • ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර පාතාල කල්ලි ක්‍රියාකාරිකයෙකු බවත් ඔහුට විරුද්ධව නඩු 6ක් ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඔක්තොම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ ය.
  • මෙම ඝාතනය පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් බවත් එයින් මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මතු නොවන බවත් ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඔක්තොම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ ප්‍රකාශය මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයට ලක්වෙමින් තිබේ. එම ප්‍රකාශය එම ඝාතනය අනියමින් අනුමත කිරීමක් බවට ආණ්ඩුවට සහය දක්වන ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ද අදහස වී ඇත.

ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර පාතාල කල්ලි ක්‍රියාකාරිකයෙකු බවත් ඔහුට විරුද්ධව නඩු 6ක් ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඔක්තොම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ ය.

මෙම ඝාතනය පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් බවත් එයින් මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මතු නොවන බවත් ඔහු පැවසීය.

මොහු පාතාල කල්ලි ක්‍රියාකාරිකයෙකු නිසා මෙම ඝාතනය මහජන නියෝජිතයකු ඝාතනය කිරීමක් ලෙස සැලකිය නොහැකි බව ද ඇමති ආනන්ද විජේපාල සඳහන් කළේ ය. කෙසේ වුව ද කිසිවෙකු ඝාතනය කිරීම සිය ආණ්ඩුව යුක්ති සහගත නොකරන බවත් ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

"මේ සිදුවීම හරහා රටේ මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් සිද්ධ වෙලා නැහැ. මේ රටේ සංවිධානාත්මක අපරාධකරුවන් ඉන්නවා. ඔවුන් සතුව ආයුධ තිබෙනවා. ඔවුන් අතර ගැටුමක් තිබෙනවා.අපරාධකරුවන් අතර ගැටුම් තිබෙනවා. ඔවුන් ආයුධ සන්නද්ධව සිටිනවා. ඔවුන් අතර ගැටුම් සිද්ධ වෙනවා."

"අද දින සිදුවීමත් මම මේ සභාවට කියන්න කැමතියි, වැලිගම සභාපති තුමා ලසන්න වික්‍රමසේකර නොහොත් වැලිගම ලසා, මහජන නියෝජිතයෙක් බවට පත් වුණාට මෙයා පාතාල අපරාධකරුවෙක්. මොහුට නඩු 6 ක් තිබෙනවා. මාතර මහාධිකරණයේ නඩු දෙකක් තිබෙනවා. කුරුණෑගල මහාධිකරණයේ නඩු දෙකක් තිබෙනවා. ගාල්ල අධිකරණයේ නඩුවක් තිබෙනවා. සිර දඬුවම් ලබා තිබෙනවා. අත්හිටවූ සිරදඩුවම් මතයි ඔහු ඉදලා තියෙන්නේ. ඔහු පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි."

"මේ වනවිට ඉන්දුනීසියාවේ ඉදලා සිට රැගෙන ආ අපරාධකරුවන් කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ ප්‍රකාශ හරහා මොහු (සභාපතිවරයා) සතුව අවි ආයුධ තිබෙන බවට තොරතුරු අනාවරණය වී ති‌බෙනවා. මේවා සම්බන්ධයෙන් විමර්ශන සිදු වෙනවා.

මත් ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගත් බවට අධිකරණයේ නඩුවක් තිබෙනවා.පාතාලයේ අපරාධකරුවන් අතර පසුගිය කාලයේ ආරවුල් පැවතියා. ඒ අපරාධකරුවන් අතර ආරවුලක් මේක."

පාතල අපරාධකරුවන් එකිනෙකා තමන් සතුව තියෙන ආයුධ, තමන් අතර තියන ආරවුල්, මේ විදිහට මිනිස් ඝාතන බවට පරිවර්ථනය කර ගන්නවා. මේකත් ඒ් හා සමාන සිදුවීමක්."

"අපි කිසිසේත්ම පාතාල හෝ වෙනත් පුද්ගලයෙක් මිය යාම අනුමත කරන්නේ නැහැ. මිනිස් ජීවිත අගයන ආණ්ඩුවක් තිබෙන්නේ. නමුත් මේ ගැන විධිමත් විමර්ශනයක් කරනවා. කවුරු වුණත් ඝාතන අනුමත කරන්නේ නැහැ."

"අපි කියන්නේ පාතාල ක්‍රියාකාරිකයෙක් යම් දේශපාලන පක්ෂය කටයුතු කරන්නේ නම්, මහජන නියෝජිතයෙක් විදිහට නෙමේ වැටෙන්නේ, ඔහු පාතාල ක්‍රියාකාරිකයෙක් ගණයට වැටෙන්නේ.ඔහු සම්බන්ධ විමර්ශන හරහා සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙක් බවට අවශ්‍ය තරම් තොරතුරු පොලිසිය සතුව තිබෙනවා. අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා."

"මහජන නියෝජිතයෙක් ‌හැටියට පත්කරන පුද්ගලයා වඩාත් සමාජයේ නීතිගරුකව කටයුතු කරන පුරවැසියෙක් වුණා නම් මෙවැනි දේ සිදුවන්නේ නැහැ," යනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල අමාත්‍යවරයා සඳහන් කළේ ය.



මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.


Screenshot 2025 10 23 091616

උවිඳු තවදුරටත් මෙසේද සටහන් කර ඇත.

මේ වැලිගම ඝාතනය කවුරු කරාද දන්නෙ නැහැනෙ තාම. ඒත් ඒ මනුස්සය රාජ්‍ය භාරයේ හිටපු කෙනෙක් නෙමෙයි අඩුගානේ. මම ඒ ඝාතනය සාධාරණීයකරණකිරීමට විරුද්ධව පෝස්ට් එකක් පැය කීපයකට පෙර දැම්ම. ඒ උනාට මට සතුටකුත් දැනෙනව. ඒ තමයි රාජ්‍ය භාරයේ හිටපු අය තමන් කැමති ආණ්ඩුව තිබිත්දී මරා දමන කොට හුරේ දාපු අය, අද පාතාලෙ කියල එහෙම මරා දමන්න බැහැ කියන තැනට ඇවිත් තියෙන එක ගැන. කණගාටුවට කරුණ තමා වැලිගම ප්‍රා. සභාපති කරපු අපරාධ ගැන කිය කිය ඝාතනය සාධරණීයනරණය කරන්න හදන අය මේ ආණ්ඩුවේ සහ සහයකයින් අතර ඉන්න එක.

මේ යට තියෙන්නෙ මම මීට අවුරුදු පහකට පෙර මාකදුරේ මහෙෂ්ව මරා දැමීම ගැන ලියපු එක නැවත දවස් දෙකකට පෙර ශෙයාකරපු එක.

uvindu

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනය ගැන පොලිස් ඇමතිගේ ප්‍රකාශය වැරදියි - අජිත් පැරකුම් ජයසිංහ 

මේ අතර ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු මෙන්ම දේශපාලන හා සමාජ විශේලේෂකයකු වන අජිත් පැරකුම් ජයසිංහ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් පවසන්නේ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනය ගැන පොලිස් ඇමතිගේ ප්‍රකාශය වැරදි බවයි.

ඔහු මෙසේද කියා සිටියි.

1.⁠ ⁠සභාපතිවරයා අපරාධ කල්ලි සාමාජිකයකු බව දැනගෙන සිටියා නම්, ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබුණා.

2.⁠ ⁠අපරාධ කල්ලි සාමාජිකයකු වුණත්, මේ විදියට ඝාතනය කිරීම සාධාරණීකරණය කරන්නට වගකිව යුතු ඇමතිවරයකුට අයිතියක් නැහැ.

3.⁠ ⁠ඝාතනය සිදු වූ ආකාරය අනුව, එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ප්‍රහාරයක් ලෙස හඳුනාගත යුතුයි. ඔහුව වෙනත් පහසු තැනකදී ඝාතනය කළ හැකිව තිබියදී, මහජන දිනයේ, සභාපති අසුන මතයි ඔහුට වෙඩි තියන්නෙ. විශාල අවදානමක් අරගෙන කරනු ලබන ඒ ඝාතනයෙන් දෙන පණිවුඩය වැදගත්.

4.⁠ ⁠අපරාධ චෝදනා තියෙන/ තිබුණු අය දේශපාලකයන් වීම අලුත් දෙයක් නෙමෙයි. වර්තමාන දේශපාලන අධිකාරියේ අපරාධ චෝදනා ලද බොහෝ අය ඉන්නවා. ඒ හැමෝම වැරදිකරුවන් නෙමෙයි. වැරදිකරුවන් වුණත්, සිර දඬුවම් දෙන්නෙ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස නිසා ඔවුන් සදාකාලිකව හංවඩු ගසා තැබිය යුතු නැහැ.

5.⁠ ⁠සැකකරුවෙකු වූ පමණින් කෙනෙකු වැරදිකරුවකු වන්නේ නැහැ. ලංකාවේ නීතියේ තිබෙන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය කියන සංකල්පය අනුව, නඩුවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වන තෙක් කිසිවකු වැරදිකරුවෙකු නෙමෙයි.

6.⁠ ⁠වඩා වැදගත් තීන්දු දෙන එක නෙමෙයි. ඝාතකයන් අල්ලා ගන්නා එක. ඒ ගැන කිසිවක් පොලිස් ඇමති කීවෙ නැහැ.

(උපුටා ගැනීම අවසන්)

Screenshot 2025 10 23 092059

ලසන්ත වික්‍රමසේකර කියන්නේ කවුද?

ලසන්ත වික්‍රමසේකර පළමුවරට වැලිගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වන්නේ පසුගිය මැයි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජනබලවේගයෙන් තරග කරමින් ය.

පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයක් වැලිගම ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමි කර නොගැනීම නිසා පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන ලද විවෘත ඡන්ද විමසීමකින් ලසන්ත වික්‍රමසේකර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත්විය.

ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවති අවස්ථාවේදී, ලසන්ත වික්‍රමසේකර ඡන්ද 23ක් ලබා ගත්තේ ය.
සභාපති ධුරය සඳහා තරග කළ ජාතික ජන බලවේගයේ (NPP) සභිකයාට ලැබී තිබුණේ ඡන්ද 22ක් පමණි.

විපක්ෂයේ සභික පූජ්‍ය දෙනගම රාහුල හිමි ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්විය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වූ ඡන්දය විවිධ ගැටලු හේතුවෙන් කිහිප වතාවක් ප්‍රමාද විය.


සබැඳි ලිපි :

වැලිගම ප්‍රා සභාපති ඝාතනය සාධාරණිකරණය කරයි !  | 'වැලිගම ලසා පාතාල අපරාධකරුවෙක්' - පොලිස් ඇමති කියයි

වැලිගම ප්‍රා.ස සභාපති වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

කිසිදා නොනවතින දවසේ වෙඩිල්ල....| Mahesh Hapugoda

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...