ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර...
''වැලිගම ප්‍රාදේශීය සභාව රටේ මහත් ආන්දෝලනාත්මක ප්‍රාදේශීය සභාවක් බවට පත් වන්නේ එහි බලය ලබා ගැනීම සඳහා ආණ්ඩුව බොහෝ උපක්‍රම භාවිතා කරපු ප්‍රාදේශීය සභාවක් නිසා. වෙඩි තබා ගැනීම්, පැහැර ගැනීම් මුල් සභා වාරයේ සභාපති කෙනෙක් පත්කර ගැනීමට නොහැකි වීම යන කරුණු වගේ ම සභාපති තෝරන අවස්ථාවේ ආණ්ඩුවේ මැති ඇමතුරු සභාවේ රැඳී සිටීම. ඒ ආකාරයෙන් ආණ්ඩු පාර්ශ්වය වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට උත්සාහ කරා. ඒ කිසිම දෙයක් සාර්ථක නොවෙන අවස්ථාවේ විපක්ෂයෙන් පත් වූ සභාපතිවරයා ඝාතනය කරලා සභාවේ බලය ලබා ගැනීම ගත් උත්සාහයක් ද යන්න අපට සැකයි.''
වැලිගම සභාපතිගේ ඝාතකයන් සොයා CCTV ඔස්සේ විමර්ශන
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව CCTV දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ එම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් පැවසුවේය.
ඊයේ (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි සභාපති ලසන්ත වික්‍රමසේකර ඔහුගේ නිල කාර්යාලය තුළ නාඳුනන තුවක්කරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.
සුදු පැහැති කමිසයකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැලඳගෙන වෙඩික්කරු සභාපතිවරයාගේ කාර්යාලය තුළට පැමිණ තිබුණි.
එහිදි වෙඩික්කරු නිල ආසනයේ සිටි සභාපති ලසන්ත වික්‍රමසේකර ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් පලා යන අයුරු CCTV දර්ශනවල පටිගතව තිබුණි.
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සභාපතිවරයා මාතර දිස්ත්‍රික් මහ රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණි.
පොලීසිය පැවසුවේ වෙඩිවැදීමෙන් ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ගේ හිසට, ගෙලට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් ගේ සෘජු අධික්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කර තිබේ.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන්ය.
මේ අතර බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින මිදිගම රුවන්ගේ පාර්ශවය විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකපල කරයි. තමාට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ලසන්න වික්‍රමසේකර පසුගිය අගෝස්තු මස 29 වනදා තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ලිපියක් ද යොමුකර ඇති බව සඳහන්ය.
මේ අතර වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඝාතනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රි විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති එම සාකච්ඡාවට සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රැසක් එක්ව සිටි බව වාර්තාවේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධය වෙත අදහස් දැක්වු සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ, මෙය දේශපාලන ඝාතනයක් බවය.




