The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

මාධ්‍යවේදියෙකුට 'පහර දී මානව හිමිකම් උල්ලංඝනය කළ' පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

T

The Leader Desk

October 23, 2025 • 4:09 PM

 මාධ්‍යවේදියෙකුට 'පහර දී මානව හිමිකම් උල්ලංඝනය කළ' පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍යවේදී තිළිණ රාජපක්ෂ ගොනු කර තිබූ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම තීන්දුව ලබා දුන්නේය.
  • විජේබණ්ඩාර සහ පොලිස් කොස්තාපල් ජයසුන්දර යන නිලධාරීන් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් 25,000 බැගින් රුපියල් 75,000ක මුදලක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට ද තීන්දුවේ සඳහන් විය.
  • ගුවන්විදුලි නාලිකාවේ මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කළ බව පෙත්සමේ සඳහන් කර තිබේ.
  • ඉන් අනතුරුව ඔවුන් තමන්ට මාංචු දමා ත්‍රිරෝද රථයකින් පොලිස් ස්ථානයට රැගෙන ගිය බවත්, අලව්ව පොලිසියේ ස්ථානාධිපතිවරයාට තමා මාධ්‍යවේදියෙකු බව පැවසූ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද මේ සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයාට දුරකතන මාර්ගයෙන් කතා කළ බව ද ඔහු කියා සිටියේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අමානුෂික සැලකීම්වලට භාජනය කිරීම තුළින් අලව්ව පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් එම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් පවත්වා සාක්ෂි තිබේ නම් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය (ඔක්තෝබර් 22) නීතිපතිවරයාට නියෝග කළේ ය.

මාධ්‍යවේදී තිළිණ රාජපක්ෂ ගොනු කර තිබූ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම තීන්දුව ලබා දුන්නේය.

ඒ අනුව, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු එවකට අලව්ව පොලිසියේ සැරයන්වරුන් වශයෙන් සේවය කළ රවින්ද්‍ර කුමාර, බී.එම්.එස්.එස්. විජේබණ්ඩාර සහ පොලිස් කොස්තාපල් ජයසුන්දර යන නිලධාරීන් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් 25,000 බැගින් රුපියල් 75,000ක මුදලක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට ද තීන්දුවේ සඳහන් විය.

පෙත්සම්කරු නෙත් එෆ්.එම්. ගුවන්විදුලි නාලිකාවේ මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කළ බව පෙත්සමේ සඳහන් කර තිබේ.

පොලිසියෙන් පහර දුන් බවට චෝදනා

2021 වසරේ මාර්තු මස 1 වන දා දහවල් 1.00ට පමණ තමා පොල්ගහවෙල ප්‍රදේශයේ සිට කොළඹ වෙත යතුරු පැදියකින් එමින් සිටියදී සුදු ඉරෙන් වාහනයක් ඉස්සරහ කිරීමට සූදානම් වීම මගින්, මාර්ග නීති උල්ලංඝනය කළ බව චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව නැවැත්වීමට කටයුතු කළ බව පෙත්සම්කරු සඳහන් කර ඇත.

ඉන් අනතුරුව සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට කරුණු ඉදිරිපත් කරමින් සිටි අවස්ථාවේ මෙම වගඋත්තරකාර පොලිස් නිලධාරින් අසභ්‍ය වචනවලින් තමන්ට බැණ වැදුණු අතර ඔවුන්ගේ ක්‍රියා කලාපය තමන් වීඩියෝගත කිරීමට පියවර ගත් අවස්ථාවේදී ඔවුන් තමන්ට අතින් පයින් පහර දුන් බව ද පෙත්සම්කරු අධිකරණය හමුවේ සඳහන් කර තිබිණි.

ඉන් අනතුරුව ඔවුන් තමන්ට මාංචු දමා ත්‍රිරෝද රථයකින් පොලිස් ස්ථානයට රැගෙන ගිය බවත්, අලව්ව පොලිසියේ ස්ථානාධිපතිවරයාට තමා මාධ්‍යවේදියෙකු බව පැවසූ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද මේ සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයාට දුරකතන මාර්ගයෙන් කතා කළ බව ද ඔහු කියා සිටියේ ය.

ඉන් පසුව ස්ථානාධිපතිවරයා තමාගෙන් සමාව ඉල්ලා සිටි බව සඳහන් කළ පෙත්සම්කරු අනතුරුව රෝහල්ගත වූ බව ඔහු සඳහන් කළේ ය.

පසුව රජයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම යටතේ බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තමාව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව ත් පසුව ඇප මත මුදා හැරීමට කටයුතු කෙරුණු බව ත් පෙත්සම්කරු චෝදනා කර තිබේ.

වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වගඋත්තරකරුවන්ගේ හැසිරීම අත්තනෝමතික බවත් නිසි නීතිමය ක්‍රියා පටිපාටියෙන් ඔබ්බට ගොස් කටයුතු කරමින් ඔහු පෙත්සම්කරු සම්බන්ධයෙන් ක්‍රියා කර තිබෙන බව ත් තීන්දු කර සිටියේ ය.

ඒ අනුව, වගඋත්තරකරුවන් පෙත්සන්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග ප්‍රකාශයට පත් කළේ ය.

| බීබීසී සිංහල

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...