කිසිවකු පවසන්නේ නැති බවත්, ඕනෑම පුද්ගලයකු අපරාධකරුවෙක් නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
ඔහු අද (23) පාර්ලිමේන්තුවේ දී මෙම අදහස් පළ කළේ ඊයේ දිනයේ ඝාතනයට ලක් කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගේ ඝාතනය සාධාරණීකරණය කෙරෙන ආකාරයෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ එස් . එම්. මරික්කාර්...
ඇමතිවරයාගේ ප්‍රකාශය ආණ්ඩුවේ ප්‍රකාශය යි
''මේ ආණ්ඩුවට මහජන නියෝජිතයින්ට ආරක්ෂාව දෙන්න බැරුව, රටේ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වෙද්දී, වෙඩි උණ්ඩ එකසිය ගාණක් පත්තු වෙද්දී, පනස් ගණනක් මැරෙද්දිත් මේගොල්ලෝ මොන වගේ බයිලා කියනවද කියලා තේරෙන්නේ නෑ. ඊයේ වැලිගම සභාපතිතුමා මැරෙද්දිත්, ඇමතිතුමා කළ ප්‍රකාශය පෞද්ගලික ප්‍රකාශයක් විදියට අපි ගන්නේ නැහැ. ඒක ආණ්ඩුවේ ප්‍රකාශයක් විදියට තමයි අපි ගන්නේ.
එයා කියනවා මහජන නියෝජිතයෙක් වුණාට පාතාල අපරාධකාරයෙක්ලු. ඇමතිතුමා දන්නවනම් එයා පාතාල අපරාධකාරයෙක් කියලා මේ ගෙවිච්ච අවුරුද්ද තුළ එයාව අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? එයා මත්ද්‍රව්‍ය ජාවාරම් කරලා තියෙනවා නම් මුදල් විශුද්ධිකරණය කරලා තියෙනවා නං නඩු තියනවා නම් අත්අඩංගුවට ගන්නෙනැතුව මෙතන කෙඳිරි ගාලා වැඩක් නෑ කියන එක අපි කියන්න ඕනේ.
ඇමතිතුමා කියන විදිහට පාතාල අපරාධකාරයෙක් හින්දා වෙඩි තියලා මැරුවට කමක් නෑ වගේ එකක් කියන්නේ. හැබැයි අසූඅට අසූ නමය කාලේ මිනීමරපු, මේ ඉදිරිපෙළ අසුන් ගෙන ඉන්න ඇමතිලා මේ විදිහට මරන්න ඕනේ කියලා අපි නම් කියන්නේ නැහැ. මොකද නීතිය විසඳලීමේ යුක්තිය පසිඳලීමේ රටේ නීතියක් තියෙනවා. ඒ ක්‍රමයට විනා ආයුධ ගෙනිහිල්ල මරන්න ඕනේ කියලා අපි කියන්නේ නැහැ. පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕනේ කියපු ඇමතිවරුත් මේ ඉස්සරහ පේළියේ ඉන්නවා. අපි කියන්නේ නැහැ ඒගොල්ලන්ව මරන්න කියලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි අපි කියන්නේ.
ගෝනි බිල්ලොත් මැරිය යුතු ද...?
මිනිමැරුම වෙලා පැයක් ඇතුළත කියනවා මේක පාතාලය පාතාලය අතර ගැටුමක් කියලා. ඒක නිකං හරියට ආණ්ඩුව මේක දැනගෙන හිටියා වගේ එකක්නේ. ඔළු ගෙඩි මාරු කර කර සභා පිහිටවපු ලැජ්ජ නැති ආණ්ඩුවක් මේක. ඒ වෙද්දි කිව්වා වැලිගම කොහොමටවත් දෙන්නේ නැහැ කියලා. එහෙම කියපු සභාවක් පිහිටවපු සභාපතිවරයකු තමයි මේ මරලා තියෙන්නේ. මහජන නියෝජිතවරයෙක් මහජන දිනය කරද්දී ඔහුගේ රාජකාරී වෙලාව ඇතුල තුළ, එයාට ආරක්ෂාව දෙන්ඩ බැ. කිව්වෙ කොහොමද රාජපක්ෂ කාලෙ අපරාධ රාජ්‍යයක් තිබුණලු. එහෙමනම් ලස්සන්තව මරපු එක හොයන්න එක්නැලිගොඩ මරපු එක හොයන්න. තාජුඩීන් ඝාතනය ගැන හොයන්න. ජනාධිපතිතුමා මන්ත්‍රී වෙලා ඉන්න කාලේ දවසක් ආයුධ පෙන්නන්න එක්ක ගිහින් මරන එක ගැන කතාවක් කිව්වා.
කෙනෙක් ඝාතනය වුණාට පස්සේ ඔහුගේ අතීතය ගැන කතා කරලා වැඩක් නැහැ කියලා. එහෙම බැලුවොත් මෙතන 88/89 මිනීමරපු අය සතුරන්ගෙන් පළිගත්තු අය ඉන්නවා. ගෝනි බිල්ලෝ වගෙ ගිය අය ඉන්නවා. ඉතින් අපි ඒ අයව මරන්න ඕනි කියලා කියනවාද නැහැනේ? අපි කිසිසේත්ම කියන්නේ නැහැ. අපි කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා .
ආණ්ඩුවේ තියෙන්නෙ කයියයි ගඳයි විතරයි
අපිට මතකයි බටලන්ද ගැන සද්දයක් දාගෙන ඇවිත් මෙතන අදෝනා දුන්නා. අපගෙන් වෙන්ව ගිය ප්‍රේමණීය විරුවන් වෙනුවෙන් සාධාරණයක් කරනවා කියලා . අප්‍රේල් මාසෙන් පස්සෙ ආයෙ විවාදයක් තියෙනවා කිව්වා . විවාදෙත් නෑ, බටලන්දත් නෑ. මුකුත් නෑ. නඩුත් නෑ, බඩුත් නෑ. කයියයි ගඳයි විතරයි. දැන් ඒක ජනතාවට තේරිලා තියෙන්නේ.
පරීක්ෂණ ඉවර වෙන්න කලින් ආණ්ඩුව මෙහෙම තීන්දු තීරණ දෙනවානම්, 88/89 සම්බන්ධවත් එහෙම තීන්දු තීරණ දෙන්න ඕන. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි වැඩ බැරි ටාසන්ලගේ ආණ්ඩුවක් ලොකු ටෝක් දෙනවා. මේ මර්දනකාරී ආණ්ඩුව විපක්ෂයේ දී එකක්. ආණ්ඩුවේ දී තව එකක්.
දැන් අර අග්‍රාමාත්‍යතුමිය යටතේ තියෙනවා NIBM කියලා ආයතනක්. අන්තර් සමාගම් සේවක සංගමය ලිඛිතව ඉල්ලුවා සභාපතිවරයගෙන් සමිතියක් පිහිටුවන්න දෙන්න කියලා. නමුත් සහාපතිවරයා අන්තනෝමතිකව මග හරිනවා . මේ ගැන මාසෙකට කලින් අගමැතිතුමියට ලියලා තියෙනවා . ඒත් උත්තරයක් නෑ. ටිකක් බුද්ධියෙන් කල්පනා කරලා බලන්න. තමන් ආපු ගමන, බලයට එනතෙක් කථා කරපු විදිය, තමන් බලයට ආපු විදිය, තමන් කරපු දේශපාලනය. අද ඒ දේශපාලනය තමන්ට පාරා වලල්ලක් වෙලා එද්දි, සුරංගනා කතා කියලා ටොෆි දීලා, චොකලට් දීලා රවට්ටන්න හිතන්න එපා මොකද, ජනතාව මීට වඩා බුද්ධිමත්. ඔබට ජන්දය දුන්න තරුණයන් මේක බලාගෙන ඉන්නවා. Gen Z එකේ ජන්ද දායකයෝ ඔබ කියන ගොන් කතා ගැන හිනා වෙනවා. ඒ හිනා වෙන්නෙත් පස්ස පැත්තෙන්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනා ගේ වගකීම බාර ගන්නේ කවුද...?
අපි ආණ්ඩුවට කියනවා, මේ විදිහට ඝාතනයක් සාදාරණීකරනය කරන්න ආණ්ඩුවට කිසිම අයිතියක් නෑ. පරීක්ෂණ කරලා නිවැරදි කරුණු එළිදක්වන්න. සැරින් සැරෙ අර ලැයිස්තුව, මේ ලැයිස්තුව එලිදක්වනවා. එක ලැයිස්තුවකටවත් වෙච්චි දෙයක් නෑ. ඒ නිසා හරියාකාරව පරීක්ෂණ පවත්වලා, සාධාරණ නීතිය ඉෂ්ට වෙන සමාජයක් හදන්න . අපි ඒකට කැමතියි; සතුටුයි.
අපි ඇමතිතුමාට කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගෙ වගකිම ඔබ භාර ගන්න ඕන. මහජනතාව එක්ක රාජකාරි කරන්න බැරි උනොත් ඒකෙ වගකීම ඔබතුමා භාර ගන්න ඕන. මහජනතාව ළඟට යන්න බැරි උනොත් ඒකෙ වගකීම ඔබතුමා හාර ගන්න ඕන. අනාගතේ අර්බුදයක් ඇති උනොත් ඒකෙ වගකීම වගේම ඔබේ පක්ෂෙ කාට හරි ප්‍රශ්නයක් උනොත් ඒකෙ වගකීම ඔබතුමා භාර ගන්න ඕන.''




