The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

රටේ මූල්‍ය ස්ථාවරත්වයට අවදානමක් - ශ්‍රී ලංකා මහබැංකුව

T

The Leader Desk

October 24, 2025 • 3:42 AM

රටේ මූල්‍ය ස්ථාවරත්වයට අවදානමක් - ශ්‍රී ලංකා මහබැංකුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වසරේ දෙවන කාර්තුව අවසන් වන විටදී ණය කාර්යාංශයේ දත්තවලට අනුව කුටුම්භ අංශවලට ලබාදුන් ණය ප්‍රමාණය සියයට 17.8 කින් වර්ධනය වී ඇතැයි ද මහ බැංකුව කියයි.
  • මේ වසර (2025) සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය ස්ථායි විවරණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේදී ඊයේ (23 වැනිදා) මාධ්‍ය හමුවක් පැවැත්වුණි.
  • එහිදී මේ බව ප්‍රකාශ කෙරිණි.
  • පසුගිය කාලයේදී මූල්‍ය අංශයේ අවදානම්වලට ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් වූ බවත්, අඩු පොලී අනුපාතික මධ්‍යයේ ණය ප්‍රසාරණය වේගවත් වූ බවත්, මේ සමග මූල්‍ය අංශයේ වත්කම්වල වේගවත් භාවය වැඩිදියුණු වූවද තෙවැනි අදියරේ පවතින ණය යම් තරමක ඉහළ මට්ටමක පැවැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වසරේ දෙවන කාර්තුව අවසන් වන විටදී ණය කාර්යාංශයේ දත්තවලට අනුව කුටුම්භ අංශවලට ලබාදුන් ණය ප්‍රමාණය සියයට 17.8 කින් වර්ධනය වී ඇතැයි ද මහ බැංකුව කියයි.

මේ වසර (2025) සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය ස්ථායි විවරණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේදී ඊයේ (23 වැනිදා) මාධ්‍ය හමුවක් පැවැත්වුණි. එහිදී මේ බව ප්‍රකාශ කෙරිණි.

පසුගිය කාලයේදී මූල්‍ය අංශයේ අවදානම්වලට ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් වූ බවත්, අඩු පොලී අනුපාතික මධ්‍යයේ ණය ප්‍රසාරණය වේගවත් වූ බවත්, මේ සමග මූල්‍ය අංශයේ වත්කම්වල වේගවත් භාවය වැඩිදියුණු වූවද තෙවැනි අදියරේ පවතින ණය යම් තරමක ඉහළ මට්ටමක පැවැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

මහ බැංකුව විසින් මූල්‍ය අංශයේ ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්ති නියාමන ගනු ලබන බවද මහ බැංකුව සඳහන් කරන්නේය.

මේ වසරේ පළමු මාස අට තුළදී කොටස් වෙළෙඳපොළ වාර්තාගත ඉහළම මිල දර්ශක සමගින් ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කළ බවත්, ඒ සමග එම දර්ශකවල විචලතාවයක්ද පිළිබිඹු වූ බවත් මහ බැංකුව කියයි.

| aruna

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...