මේ ප්‍රශ්නය ගැන දැඩි අවධානය යොමු කර ජගත් විතාන මන්ත්‍රීවරයාට ආරක්ෂාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියේ ය.
ඔහු මෙම ඉල්ලීම කළේ අද (24) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන ඝාතනය කිරීමට යම් පුද්ගලයකු ගේ සූදානමක් ඇති බව සාකච්ඡාවට ගත් අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ජීවිතයක් අහිමි වුනාට පස්සෙ ආරක්ෂාව දීල වැඩක් නෑ
අද පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන විසින් තමා ඝාතනය කිරීමට යම් පුද්ගලයකුගේ සූදානමක් ඇති බවට පොලිස්පතිවරයා විසින් කළුතර නියෝජ්‍ය පොලිස්පතිවරියට ලිඛිතව දැනුම් දී ඇති ලිපියක් ඉදිරිපත් කරන ලදී. මේ පිළිබඳ විමර්ෂණයන් සිදු කරන ලෙසට ද පොලිස්පතිවරයා දැනුම් දී ඇති බවත් මේ තත්ත්වය තුළ තමාගේ ආරක්ෂාව සලසන ලෙස ද ජගත් විතාන මන්ත්‍රීවරයා මෙහි දී ඉල්ලා සිටියේ ය.




