The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

පිළිකා රෝග පාලනය සඳහා සම්පාදනය කළ විශේෂ වාර්තාව එළිදැක්වේ

T

The Leader Desk

October 25, 2025 • 3:02 PM

පිළිකා රෝග පාලනය සඳහා සම්පාදනය කළ විශේෂ වාර්තාව එළිදැක්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (24) පස්වරුවේ රැස්විය.
  • බෝ නොවන රෝගවල අභියෝගය තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම අරමුණක් බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළ අතර වර්තමානය වන විට බෝනොවන රෝග එයට යම් අභියෝගයක් බව ද පැවසී ය.
  • එය පාලනය කිරීම සඳහා රජය සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩල සමග දැඩි පරිශ්‍රමයක් ගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව ද එයට මනා පිටුවහලක්වන බව ද සඳහන් කළේ ය.
  • වත්මන් රජයේ ප්‍රතිපත්ති දිශානතියේ තීරණාත්මක අංගයක් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනයට ප්‍රමුඛත්වයක් ලබා දී ඊට වැඩි අවධාරණයක් යොමුකර කටයුතු කළයුතු බව ද පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (24) පස්වරුවේ රැස්විය.

බෝනොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන කොට අනෙකුත් අදාළ සියලු අමාත්‍යංශ එක්ව මෙරට බෝනොවන රෝග පාලනය සහ නිවාරණය කිරීම සදහා ඉදිරි සැලසුම් සකස් කිරීම සහ තින්දු, තීරණ ගන්නා  විද්වතුන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන විද්වත් සමුළුවකි. මෙරට පිළිකා රෝග පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වත් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විශේෂ ඇගයීමක් ඇසුරින් සම්පාදනය කරන ලද විශේෂ වාර්තාව ද මෙහි දී අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබිණි.

මෙම ජාතික සභාවේ  සභාපතිත්වය වත්මන් සෞඛ්‍ය හා ජනනමාධ්‍ය අමාත්‍යවරයා විසින් දරණු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම්වරුන්,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, අනෙකුත් අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු සහ ආයතනවල නම් කළ නිලධාරීන් මෙහි සාමාජිකත්වය දරයි.

බෝ නොවන රෝගවල අභියෝගය

තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම අරමුණක් බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළ අතර වර්තමානය වන විට බෝනොවන රෝග එයට යම් අභියෝගයක් බව ද පැවසී ය. එය පාලනය කිරීම සඳහා රජය සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩල සමග දැඩි පරිශ්‍රමයක්  ගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව ද එයට මනා පිටුවහලක්වන බව ද සඳහන් කළේ ය.

වත්මන් රජයේ ප්‍රතිපත්ති දිශානතියේ තීරණාත්මක අංගයක් ලෙස  ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනයට ප්‍රමුඛත්වයක් ලබා දී ඊට වැඩි අවධාරණයක් යොමුකර කටයුතු කළයුතු බව ද පැවසීය.

ඒ වෙනුවෙන්ම ආරම්භ කළ විශේෂ ව්‍යාපෘතියක්වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය මගින් නිශ්චිත ජනගහනයක් ඉලක්කකර සෞඛ්‍ය සේවාවන් සපයන බවත්, එම මධ්‍යස්ථාන තුළින් මෙරට ජනතාවගේ බෝනොවන රෝග හදුනා ගැනීමට සහ පාලනයට මහත් රුකුලක්වනු ඇති බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා මෙහි දී  වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

බෝනොවන රෝගවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට විශේෂ අවධානය

බෝනොවන රෝග පාලනයට පසුගිය වසර තුළ සිදු කළ සහ මේ වන විට සිදු කෙරණ ක්‍රියාකාරකම් සහ වැඩපිළිවෙළ මෙහි දී  සාකච්ඡාවට සහ සමාලෝචනයට ලක් කෙරිණි. එමෙන්ම හෘද රෝග, ආඝාතය, පිළිකා, මානසික රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළුව බෝනොවන රෝග පාලනයට හා වළක්වා ගැනීමට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, සැලසුම් සකස් කිරීම පිළිබඳව ද මෙහි දී දීර්ඝව සාකච්ජාවට භාජනය විය.

ඉදිරියේ දී  බෝනොවන රෝගවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනෙකුත් අමාත්‍යාංශ හා එක්ව දියත් කළ යුතු කෙටිකාලින, මධ්‍යකාලීන හා  දීර්ඝකාලීන සැලසුම් කඩිනමින් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබදවත් මෙහි දී විශේෂ අවධාණය යොමුවිය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් මෙන්ම අනෙකුත් අමාත්‍යාංශ සහ දෙපාර්තුමේන්තුවල නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්, ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සංවිධානය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන, විද්‍යායතන නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ.

(දීප්ති විජේතුංග) 
fghr574

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...