2024/2025 කන්නවලදී මෙරට ලබාගෙන ඇති වී අස්වැන්න රටට ප්‍රමාණවත්ව තිබියදී පවතින කීරි සම්බා වී හිඟය ඉස්මතු කරමින් අනෙකුත් සහල් වර්ග ද ආනයනයට පියවර ගැනීම ගැටලු සහගත තත්ත්වයක් බව එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් ප්‍රකාශ කළේය.
මෙරට වර්ෂයක ජාතික සහල් අවශ්‍යතාව මෙ.ටො. විසිතුන් ලක්‍ෂ හැත්තෑ පන්දහසක් බවත් ඒ සඳහා වන අවශ්‍ය වී ප්‍රමාණය මෙ.ටො. තිස් අටලක්‍ෂයක් බවත්, 2024/25 හා 25 යල් කන්නයේ වී අස්වැන්නේ එකතුව මෙ.ටො. හතළිස් හතර ලක්‍ෂ පනස්දහසක් බවත්, එවිට වී අතිරික්තයක් ලෙස වී. මෙ.ටො. හාරලක්‍ෂ පනස්දහසක් ඉතිරිව පවතින බවත් මේ අනුව රජයට සහල් ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් පැන නොනැගින බවත් ඔහු පවසයි.
මේ වනවිට රජය විසින් උත්සව සමය වෙනුවෙන් පොන්නි සම්බා, ජී.11, කීරි සම්බා ආදේශ ලෙසත්, ජී.11, නාඩු, කැකුළු සහ සම්බා සහල් ආනයනය කරමින් පවතින බවත් ජාතික ගොවි ජන එකමුතුව පවසයි.
(Divaina | සුජීව තත්සර)




