යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ, රක්වාන ආසනයේ, ගල්පාය කොට්ටාසයේ, ගල්පාය ප්‍රජාශාලාවේ දී ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය හා සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සමග එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
පොලිසිය ආරක්ෂාව දුන්නෙ නෑ
''මේ වසර තුළ පමණක් විශාල වෙඩි තැබීම් ප්‍රමාණයක් නිසා ජිවිත හානි හා තුවාල වීම් සිදුවෙලා තිබෙනවා. පළාත් පාලන ආයතනවල සභාපතිවරු පවා ඝාතනයට ලක් වෙලා. මේ ඝාතන සිදුවන්නේ මහජන දිනයේ දී. මහජන දිනයක් පවත්වන්නේ ජනතාවට සේවය කරන්න වුනත් අද ජන සමාජයේ ඇත්තේ මිනිමරු ඝාතන රැල්ලක් සහ මිලේච්ඡත්වයක්. මේවා මැඩපවත්වන්න රජයට නිසි වැඩපිළිවෙළක් නැහැ. රජයේ දුර්වලතාව නිසා මැරකමට මිනිමරුවන්ට මංකොල්ලකරුවන්ට මේ අපරාධ කරන්න දොරටු විවෘත වෙලා තිබෙනවා.
සමගි ජන බලවේගයේ සභාපතිවරයකු මහජන දිනයේ දී ඝාතනය කළා. මේ ඝාතනයට පෙර ලිපි මගින් පොලිස්පතිවරයාට සිය ආරක්ෂාව අනතුරේ බව සඳහන් කරමින් දැනුවත් වීම් කළත් පොලිසිය කිසිදු ආරක්ෂාවක් දුන්නෙ නෑ. අද වන විට ජන සමාජයේ කොතැන වෙඩි පිට වෙඩි වැදෙයි ද කියා සිතාගත නොහැකි බවත් මේ අවිනිශ්චිතතාව තුළ අනාරක්ෂිතභාවය තුළ ජන ජිවිත අනතුරේ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපරාධ මැඩීමට අවශ්‍ය නීති හදන්න අපි සහයෝගය දෙනවා
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් මෙන්න මිනිමරුවන් ද අල්ලා මර්දනය කළ යුතු යි. ඔවුන්ට නීතිය තුළ දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන්න අපි සහයෝගය දෙනවා. මේ මිනිමරු සංස්කෘතිය පෙරට දාගෙන විපක්ෂය දඩයම් කරනවා නම් එයට ඉඩ දිය නොහැකි යි. අද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයවත් සාමයවත් නැහැ. මේ රට විනාශ කරන කුඩුකාරයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් විනාශ කරන්න යුක්තිය සාධාරණත්වය නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඉහළ දායකත්වය ලබා දෙනවා සේම මහජන නියෝජිතයන්ට ජනතාව වෙනුවෙන් සේවාව කරන්න නිසි රැකවරණය හා ආරක්ෂාව ලබා දීමත් ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිත සුරක්ෂිත කිරීමටත් කටයුතු කරන ලෙස රජයට කියා සිටිනවා.
මේ මුළාවට තව දුරටත් රැවටෙන්න එපා
ජනාධිපතිවරණය දිනා, මහමැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් හා පළාත් පාලන මැතිවරණයෙන් ද ජය ගත්තා. මෙවර පළාත් සභා මැතිවරණයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පවා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඡන්දයට ඉදිරිපත් වීමට සූදානම්. රටේ සිදුවන දේ ජනතාව දන්නා නිසා දැන්වත් එක් එක් මායාවන්ට රැවටෙන යුගය අවසන් කරන ලෙසත් මෑත කාලයේ ජය ගත්තේ සෝබනය, විජ්ජාව, මවාපෑම්, රගපෑම්, බොරුව මුසාව මුළාවයි නිසා තවදුරටත් මේවාට නොරැවටී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ජනතාව ගේ ප්‍රශ්න කියන්නෙ මට යි
ආණ්ඩුවේ මන්ත්‍රිවරු අද මහජන දින පවත්වන්නෙ නැහැ. සමහර පළාත්වල ජනතාව ආණ්ඩුවේ මන්ත්‍රීවරු කවුද කියල හඳුනන්නෙත් නැහැ. අද දිනපු මාලිමාව ජනතාවගේ ගැටලු සොයා බලන්නේ නැති නිසා විපක්ෂ නායකවරයාට එම ප්‍රශ්න සොයන්න සිද් වෙලා තිබෙනවා. මේ ගැටලු පාර්ලිමේන්තු පවා ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයා. මගේ ළග මඩ ගහන චරිත ඝාතන දේශපාලනය නැහැ. මේ ප්‍රශ්නවලට රජයෙන් උත්තර විසඳුම් ලැබෙන්නෙ නැහැ. මේව ගැන මාධ්‍යවල පවා ප්‍රවෘත්ති පළ වෙන්නෙ නැහැ. මඩ දේශපාලනයට නම් මාධ්‍ය තුළ පවා අවධානය ලැබෙනවා.
අපි එදා මැතිවරණ වේදිකාවේ රු. 5000ට පොහොර මිටිය ලබා දෙනවා කිව්වත් වත්මන් රජය වී ගොවිතැනට හෙක්ටයාරයට රු. 25000 බැගින් උපරිම හෙක්ටයාර් දෙකකට පොහොර සහනාධාරය දෙනවා කියපු නිසා ගොවි ජනතාව පවා එයට රැවටි වත්මන් රජයට ඡන්දය දුන්නා. අද වන විට මේ පොහොර මුදල්වත් හරියට ලැබෙන්නෙ නැහැ. පොහොරවල ගුණාත්මකභාවය පවා නැහැ. යන්ත්‍ර සූත්‍ර ගොවි උපකරණවල මිල පවා වැඩි වෙලා. ඊට අමතරව වන අලි, වන සතුන් නිසා වගා හානි දේපළ හානි ජිවිත හානි පවා සිදු වෙනවා. මේ ගැටලු මැද වගා කටයුතු කළත් පහළ මිලකට අස්වැනන් විකුණා දැමිමට ගොවියන්ට සිදු වෙලා තියෙනවා.''




