තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වැලිගම පොලීසිය විසින් ගාල්ලේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු වන අතර, ඔහු ගාල්ල හියාරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.
මොහු වෙඩිතැබීමට පෙරදින වෙඩික්කරුවන් සමග ගාල්ල හා මාතර ප්‍රදේශයන් වෙත ගොස් ඇති බවද සඳහන්.
එමෙන්ම වෙඩිතැබීම සිදු වූ දින වෙඩික්කරුවන් රැගෙන පැමිණ ඇත්තේද මොහු විසින් වන අතර, ප්‍රහාරයෙන් පසු ඔවුන්ට පලායාමටද සහයෝගය ලබාදී තිබේ.
තවද වෙඩිකරුවන්ට මුදල් ලබාදී ඇත්තේද මොහු විසින් වන අතර, ඔහු ලබාදුන් සහයෝගයට ඔහුටද රුපියල් 20,000ක මුදලක් ලැබී ඇති බව සඳහන්.
ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ කැකිරාව ප්‍රදේශයේදී නිවසක සිටියදී තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන් අතර කාන්තාවක්ද සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
මහජන දිනයකදී වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් - විපක්ෂ නායක
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ පසුගිය දා ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ ලසන්ත වික්‍රමසේකර මහතාට අවසන් ගෞරවය දැක්වීමට ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ දීය.
රටේ නීතිය හා සාමය අද නැති බවත් රටේ ඇත්තේ කැලැ නීතිය බවත් මේ නිසා පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති නිසා මේ මිනිමරු සංස්කෘතිය නැති කළ යුතු බවත් පවතින පාලනයේ ඇති දුර්වලත්වය නිසා ජන සමාජය විවිධ කල්ලිවල ග්‍රහණයට ලක්ව ඇති බවත මෙය මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතියට පහරක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතු නිසා මේ ඝාතකයන්ට දඩුවම් දිය යුතු බවත් මෙතුමාගේ ඝාතනය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් මෙන්ම එතුමා දිවුරුම් ප්‍රකාශ හරහා පොලිස්පතිවරයාගෙන් ආරක්ෂාව ඉල්ලුවත් එය නොදීම ගැනත් සෙවිය යුතු බවත් මෙතුමාගේ පවුලෙ සාමාජිකයන් වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය ඉටුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.




