The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

බද්දේගම උප සභාපතිට පහර දීම වෘත්තීය සමිතියක් හෙලා දකී

T

The Leader Desk

October 26, 2025 • 2:30 PM

බද්දේගම උප සභාපතිට පහර දීම වෘත්තීය සමිතියක් හෙලා දකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාල්ල, කරාපිටිය රුහුණු මල් ශාලාවේ පැවති අවමංගල්‍ය අවස්ථාවකට සිය බිරිඳ සමගින් එක් ව සිටියදී පහර කෑමට ලක්ව ඇත්තේ බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති වූ සමන් සී ලියනගේ ය.
  • පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කොට පරාජයට පත් සමගි ජනබලවේගයේ අපේක්ෂකයකු විසින් මාධ්‍යවේදී සමන් සී ලියනගේට පහර දී, මරණ තර්ජන එල්ල කළ අදාළ සැකකරු වහා අත්අඩංගුවට ගන්නා ලෙස ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ ඉල්ලයි.
  • තුන් වතාවක් පහර කෑමටත්, මරණ තර්ජනයටත් ලක් වූ ප්‍රාදේශීය සභා උප සභාපතිවරයා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
  • ලියනගේට ජීවිත ආරක්ෂාව සලසන ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හෙළා දැක තිබේ.

ගාල්ල, කරාපිටිය රුහුණු මල් ශාලාවේ පැවති අවමංගල්‍ය අවස්ථාවකට සිය බිරිඳ සමගින් එක් ව සිටියදී පහර කෑමට ලක්ව ඇත්තේ බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති වූ සමන් සී ලියනගේ ය.

පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කොට පරාජයට පත් සමගි ජනබලවේගයේ අපේක්ෂකයකු විසින් මාධ්‍යවේදී සමන් සී ලියනගේට පහර දී, මරණ තර්ජන එල්ල කළ අදාළ සැකකරු වහා අත්අඩංගුවට ගන්නා ලෙස ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ ඉල්ලයි.

තුන් වතාවක් පහර කෑමටත්, මරණ තර්ජනයටත් ලක් වූ ප්‍රාදේශීය සභා උප සභාපතිවරයා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.


ලංකා වතු සේවා සංගමය පොලිසියෙන් ඉල්ලා සිටින්නේ තම සංගමයේ නිල පුවත් පත වූ, `ද ස්ටාෆ් `හි සංස්කාරක සහ සංගමයේ මාධ්‍ය සම්බන්ධිකාරක වූ සමන් සී. ලියනගේට  ජීවිත ආරක්ෂාව සලසන ලෙසයි.


කිසිදු හේතුවක් නොමැතිව එක් වරම මුහුණට සහ පපුවට පහර එල්ල කර ඇත්තේ පිරිස ඉදිරියේදීය. අනතුරුව උප සභාපතිවරයා සිය යතුරු පැදිය ගාල් කළ ස්ථානයට ගිය විට එහි පැමිණි සැකකරු නැවතත් පහර දී මරණ බවට තර්ජනය කොට තිබේ. පසුව සමන් සී. ලියනගේ යතුරු පැදියෙන් ගමන් කරන විට ඔහු හඹා පැමිණි සමගි ජනබලවේගයේ පරාජිත අපේක්ෂකයා  මග හරස් කොට නැවත වරක් පහර දුන් බවට උප සභාපතිවරයා පෝද්දල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

``මේ අය මගෙත් එක්ක කිසිම අමනාපයක් තිබුණු කෙනෙක් නොවේ. මැතිවරණ සමයේ  මම තරඟ කළ පහල කිහිඹිය කොට්ඨාශයට මගේ ප්‍රතිවාදිය ලෙසින් සමගි ජනබලවේගයෙන් තරඟ කළේ. මම සමසමාජ - කොමියුනිස්  හවුල වෙනුවෙන් ශ්‍රීලංකා කොමියුනිස්ට් පක්ෂයේ තරුව ලකුණ යටතේ තරඟ කෙළේ. කොට්ඨාශේ දිනුවේ මම. මට පහර දුන් කෙනා පරාදයි වගේම, එයාලගේ ලැයිස්තුවෙන් පත්වුනෙත් අපේ කොට්ඨාශයේ කෙනෙක්  එයාටත් මරණ තර්ජනය කරලා තිබුණා. ඔහුට තියෙන්නේ පරාජය ඉවසා දරා ගන්න බැරි වේදනාවක්,``යැයි  පහර කෑමට ලක්ව රෝහල් ගතව සිටින  උප සභාපති ලියනගේ පවසයි.

පපු ප්‍රදේශයට එල්ලවූ පහර දීම් නිසා හුස්ම ගැනීමේ අපහසුතාවකින් පසුවන උප සභාපතිවරයා සඳහන් කරන්නේ අත්අඩංගුවට ගැනීමෙන් වැලකී  දැනට සැඟව සිටින අදාළ සැකකරු ඉදිරි දිනයක බාර වන බවට වාර්තා වී ඇති බවයි.

බද්දේගම ප්‍රාදේශීය සභාවට තරඟ කිරීමට පෙර සමන් සී. ලියනගේ  වසර ගණනාවක්  ``රාවය`` පුවත්පතේ මාධ්‍යවේදියකු හා  සංස්කාරකවරයෙක් ලෙසත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උද්යෝගිමත් ක්‍රියාධරයෙක් ලෙසත්  කටයුතු  කළේය. කලක් ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ  දකුණු පළාත් සම්බන්ධිකාරක විය.  ඊට අමතරව  `සමසමාජ`` පුවත්පතේ සංස්කාරක වන්නේ ද ඔහුය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...