The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

පොලිස්පතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට..?

T

The Leader Desk

October 27, 2025 • 8:39 AM

පොලිස්පතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට..?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජගත් විතාන මන්ත්‍රීවරයාට දැනට තාවකාලික ආරක්ෂාවක් ලබා දී ඇති නමුත් මෙම තර්ජනය ගොඩනැගී ඇත්තේ මන්ත්‍රීවරයා සංවිධානාත්මක අපරාධවලට යම් සම්බන්ධ පුද්ගලයන් සමඟ සහසම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් බව පොලිස්පතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.
  • මෙම තර්ජනය මතු වී ඇත්තේ මහජන දේශපාලන කටයුතුවල නිරත වීමට යාම නිසා නොව, යම් යම් කූට ව්‍යාපාර සහ ජාවාරම්කාර පුද්ගලයන් සමඟ සහසම්බන්ධ වීමෙන් බව දැනට අනාවරණය වී ඇතැයි ද පොලිස්පතිවරයා පැවසිය.
  • මහජන නියෝජිතයෙකුට මේ ආකාරයට පදනම් විරහිතව චෝදනා නැගීම සම්බන්ධයෙන් සිය පක්ෂය බලවත් විරෝධය පළ කරන බවද නාමල් රාජපක්ෂ, විපක්ෂ නායකවරයා වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
  • ඒ සමග විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතික මන්ත්‍රීවරයා ⁣⁣ගෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉල්ලීමක් කර ඇත්තේ මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට වහාම පක්ෂ නායක හමුවක් කැඳවන ලෙස කතානායකවරයා ගෙන් ඉල්ලා සිටින ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජගත් විතාන මන්ත්‍රීවරයාට දැනට තාවකාලික ආරක්ෂාවක් ලබා දී ඇති නමුත් මෙම තර්ජනය ගොඩනැගී ඇත්තේ මන්ත්‍රීවරයා සංවිධානාත්මක අපරාධවලට යම් සම්බන්ධ පුද්ගලයන් සමඟ සහසම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් බව පොලිස්පතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

මෙම තර්ජනය මතු වී ඇත්තේ මහජන දේශපාලන කටයුතුවල නිරත වීමට යාම නිසා නොව, යම් යම් කූට ව්‍යාපාර සහ ජාවාරම්කාර පුද්ගලයන් සමඟ සහසම්බන්ධ වීමෙන් බව දැනට අනාවරණය වී ඇතැයි ද පොලිස්පතිවරයා පැවසිය.



මහජන නියෝජිතයෙකුට මේ ආකාරයට පදනම් විරහිතව චෝදනා නැගීම සම්බන්ධයෙන් සිය පක්ෂය බලවත් විරෝධය පළ කරන බවද නාමල් රාජපක්ෂ, විපක්ෂ නායකවරයා වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ඒ සමග විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතික මන්ත්‍රීවරයා ⁣⁣ගෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉල්ලීමක් කර ඇත්තේ මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට වහාම පක්ෂ නායක හමුවක් කැඳවන ලෙස  කතානායකවරයා ගෙන් ඉල්ලා සිටින ලෙසයි.

රජයේ ආරක්ෂාක අංශ ප්‍රධානියකු ලෙස මේ ආකාරයට මහජන නියෝජිතයින්ට ප්‍රසිද්ධියේ අභූත චෝදනා නැගීමෙන් පොලිස්පතිවරයා වැරදි පූර්වාදර්ශයක් සපයා ඇති බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...