The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

පැල්වත්ත හා සෙවනගල සීනි ඉන්දියාවට ලබාදීමට යන බවට විමල්ගෙන් චෝදනා

T

The Leader Desk

October 29, 2025 • 3:22 PM

පැල්වත්ත හා සෙවනගල සීනි ඉන්දියාවට ලබාදීමට යන බවට විමල්ගෙන් චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පත්කර ඉන්දියානු සමාගමකට කුණුකොල්ලෙට විකිණීමේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (29) බත්තරමුල්ල සිය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළා.
  • එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ, පැලවත්ත සීනි සමාගමට අයත් සේවකයන් විසින්ම වගා කරන හෙක්ටයාර 47ක කොටසක් පසුගිය සැප්තැම්බර් 30 දා ගින්නකින් විනාශ වුණා.
  • මෙම ගින්නෙන් මෙට්‍රික් ටොන් 3,000ක උක් නිෂ්පාදනය පිළිස්සුණා.
  • කර්මාන්ත විශේෂඥයන්ට අනුව, ගින්නෙන් පැය 72ක් ඇතුළත එම උක් කපා ඇඹරීමෙන් හානිය අවම කළ හැකිව තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

පත්කර ඉන්දියානු සමාගමකට කුණුකොල්ලෙට විකිණීමේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (29) බත්තරමුල්ල සිය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ,

පැලවත්ත සීනි සමාගමට අයත් සේවකයන් විසින්ම වගා කරන හෙක්ටයාර 47ක කොටසක් පසුගිය සැප්තැම්බර් 30 දා ගින්නකින් විනාශ වුණා.

මෙම ගින්නෙන් මෙට්‍රික් ටොන් 3,000ක උක් නිෂ්පාදනය පිළිස්සුණා.

කර්මාන්ත විශේෂඥයන්ට අනුව, ගින්නෙන් පැය 72ක් ඇතුළත එම උක් කපා ඇඹරීමෙන් හානිය අවම කළ හැකිව තිබුණා.

නමුත් සභාපතිනි සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය එම ක්‍රියාමාර්ගයට බාධා කළ බව බවත් එමඟින් සිදුවූ පාඩුව රුපියල් මිලියන 111.2ක බවත් මෙම සාකච්ඡාවේදී හෙළි වුණා.

මේ ආකාරයටම සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ වගා බිම් කඩක් ගින්නට හසුවී විනාශ වූ අතර එයින්ද රුපියල් මිලියන 360.62ක පාඩුවක් සිදුව ඇති බව පෙන්වා දුන් විමල් වීරවංශ මෙම ආයතන දෙකෙන්ම සිදුව ඇති මුළු පාඩුව රු. මිලියන 641.81බව පෙන්වා දුන්නා.

සාමාන්‍යයෙන් නොවැම්බර් මාසයේදී ශාලා දෙකේ වාර්ෂික නඩත්තු කටයුතු සිදුකරනු ලබන පෙබරවාරි මාසයේදී නැවත වැඩ ආරම්භ කෙරෙනවා.

නමුත් මේ වන විට යන්ත්‍රෝපකරණ සඳහා අමතර කොටස් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවීමක් සිදුකර නැහැ.

එමගින් ශාලා දෙක ලබන පෙබරවාරි මාසයේදී වැඩ ආරම්භ කිරීමට නොහැකි වනු ඇති බවත්, එමගින් තවදුරටත් පාඩු වැඩිකර ආයතන ඉන්දියානු සමාගමකට විකිණීමට පරිසරය සකස් කරමින් සිටින බවටත් චෝදනා කෙරෙනවා.

පාඩුව තක්සේරු කළ විශේෂඥ නිලධාරීන්ට දඬුවම් ලබා දෙමින්ද රජයේ ජේ.වී.පී. වෘත්තීය සමිති නායකයාට මාසිකව රු. ලක්ෂයකට අධික ඕ.ටී. මුදල් ගෙවීම මගින් වෘත්තීය සමිතිය "හීලෑ" කර තබාගෙන සිටින බවටද චෝදනා එල්ල වුණා.

පර්යේෂණ නිලධාරීන්ගේ වෛද්‍ය දීමනා නතර කර තිබියදී මෙම ඕ.ටී. ගෙවීම සිදුකර ඇති බවත් විමල් වීරවංශ පෙන්වා දුන්නා.

උක් ගොවීන්ගේ ආර්ථික සම්පත වන මෙම ආයතන ආරක්ෂා කිරීම සඳහා ජා.නි.පෙ. වෘත්තීය සමිති ගොවි සංවිධාන සහ දේශපාලන නායකත්වය සූදානම් බව ද විමල් වීරවංශ වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...