ආණ්ඩුව හොඳින් තේරුම් ගත යුතුව තිබෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.
රනිල් ඉතිරි කර ගිය සල්ලි පොට්ටනිය අවසන් වන තුරු වියදම් කිරීමට පුළුවන්කම තිබෙන නමුත් ආණ්ඩුව ආර්ථිකය ගැන මීට වඩා තියුණු අයුරින් කල්පනා කළ යුතුව තිබෙන්නේ යැයි ද අබේවර්ධන කීය.
එජාප සභාපති වජිර අබේවර්ධන මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
"අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ.
ගෙදර සීයා හෝ ආච්චි සල්ලි පොට්ටනියක් පොදි ගහලා තියෙනවා. නමුත් ඒ පොට්ටනියේ තිබෙන සල්ලි පැටව් ගහන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ සල්ලි පොට්ටනියක් රනිල් රටට ඉතිරි කරලා ගියා. ඉතින් ඒ සල්ලි පොට්ටනියේ සල්ලි ඉවර වෙනකන් වියදම් කරන්න පුලුවන්. නමුත් ඒ සල්ලි පැටව් ගහන්නේ නෑ කියලා අපි මතක තියාගන්න ඕන.
ඒ නිසා තමයි අපි කියන්නේ අපේ රටේ ආර්ථිකය දිනෙන් දින වැටෙමින් තිබෙනවා. එහෙම වෙලාවක රනිල් ජාතියේ අවශ්‍යතාවය වෙනුවෙන් භාවිතා කිරීමට අවශ්‍ය වුනොත් ඕනෑම අවස්ථාවක එය කිරීම හරිම සරල කාරණයක් හැටියටයි මම නම් දකින්නේ.
එදා ගෝඨාභයගෙ කාලේ මම රටේ ආර්ථිකය ගැන අනාවැකි කිව්ව වගේ දැනුත් මම අනාවැකියක් කියන්නම්.
රනිල් ගිය පාර වෙනස් කරන්න එපා. ඒ පාර වෙනස් කළොත් මේ රටේ ජනතාව නැවත මහා ව්‍යසනයකට ගොදුර වෙනවා" යනුවෙන්ද වජිර අබේවර්ධන වැඩිදුරටත් කීය.
(lankadeepa | අංජුල මහික වීරරත්න)




