The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක්

T

The Leader Desk

October 30, 2025 • 4:45 PM

රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම රසායනාගාරය 2027 වර්ෂය අවසන් වීමට පෙර සිදුකිරීමට නියමිත අතර මෙහි වියදමින් රුපියල් මිලියන 24.383ක ප්‍රමාණයක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයද රුපියල් මිලියන තුනක මුදල් IBMBB ආයතනයද දරනු ලැබේ.
  • මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛව රසායන සහ ජීව විද්‍යා තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය බී.
  • ගල්හේන මහතා ඇතුළු විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජෛව රසායන, අණුක ජෛව රසායන හා ජීව විද්‍යා තාක්ෂණ ආයතනය(IBMBB) මූලිකත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීමට නියමිත රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා වූ  Human Repeat Insult Patch Test (HRIPT) පරීක්ෂණ රසායනාගාරයට මුල්ගල් තැබීම අද (30) දින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මෙම රසායනාගාරය 2027 වර්ෂය අවසන් වීමට පෙර සිදුකිරීමට නියමිත අතර මෙහි වියදමින් රුපියල් මිලියන 24.383ක ප්‍රමාණයක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයද රුපියල් මිලියන තුනක මුදල් IBMBB ආයතනයද දරනු ලැබේ.

මෙම අවස්ථාවට එක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා දැනට Human Repeat Insult Patch Test (HRIPT) පරීක්ෂණාගාරයක් ශ්‍රී ලංකාව තුල නොමැති තත්වය තුළ මෙම කර්මාන්තය තුළ යෙදෙන නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් විදෙශ් රටවල් හරහා රූපලාවණ්‍ය නිෂ්පාදනයන්ට අදාළ සහතික ලබා ගැනීමේදී සිදුවන වියදම සහ දුෂ්කරතාවය මගහරවා ගැනීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය මේ සඳහා මැදිහත් වූ බවත්, මෙම පරීක්ෂණාගාරය ඉදි කිරීමෙන් පසුව පරීක්ෂණාගාරය තුළ තාක්ෂණික උපකරණ සහ වෙනත් පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය දිගින් දිගටම මැදිහත් වන බවත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛව රසායන සහ ජීව විද්‍යා තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය බී. පී. ගල්හේන මහතා ඇතුළු විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ  සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.

xfge4636

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක් | The Leader